ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයට ලක්වුණු “පද්මාවතී” සිනමාපටය “පද්මාවත්” යන නම යටතේ එරට ජනරජ සතියට සමගාමිව ප්‍රදර්ශනය කිරීමට චිත්‍රපට නිෂ්පාදකයන් කටයුතු යොදා තිබේ.
ඒ අනුව සිනමාපටය එළඹෙන 25 වැනිදා පටන් තිරගත කිරීම ආරම්භ වනු ඇත.
කෙසේ නමුත් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් තවමත් “පද්මාවත්” ප්‍රදර්ශනය තහනම් කොට තිබීම නිසා ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රදර්ශනය තහනම් කොට තිබුණු රාජස්ථානය, ගුජරාටය අතරට එක්වුණු නවතම ප්‍රාන්තය වන්නේ හර්යානා ප්‍රාන්තයයි.
හින්දු පුරාවෘතවල එන පද්මාවතී රැජින පාදක කොට ගනිමින් සන්ජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ “පද්මාවත්” ඉකුත් දෙසැම්බරයේ දී තිරගත කිරීම සඳහා සුදානම් කර තිබුණු නමුත් පසුගිය මාස කිහිපය පුරා ඉන්දියාවේ නොයෙකුත් දෙසින් චිත්‍රපටයට විරෝධතා එල්ල විය.
සිනමාපටය මඟින් පද්මාවතී රැජිනගේ චරිතය විකෘති කොට ඇති බව බොහොමයක් හින්දු ජාතිකවාදීන්ගේ මතය වී තිබුණි.
මෙහි ප්‍රධාන චරිත සඳහා දීපිකා පදුකෝන්, රන්විර් සිං සහ ෂහිඩ් කපුර් රංගන දායකත්වය සපයති.