දේශීය සිනමාවට වසර 71 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 46 ක් පිරිම නිමිත්තෙන් විශේෂ සැමරුම් උලෙළක් එළඹෙන 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
හිටපු සභාපතිවරුන්ගේ සේයාරූ විවෘත කිරීම, රුක් රෝපණය, සංස්ථාව ආරම්භ කිරීමට පුරෝගාමී වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාරය, චිත්‍රපට සඟරාව ජනගත කිරීම, දේශිය චිත්‍රපට නාමාවලිය ජනගත කිරීම යන කටයුතු එදින සිදුවේ.
එසේම මෙරට පළමු කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව කොටස් වශයෙන් උත්සවය අවසානයේ ප්‍රදර්ශනය කරනු ලැබේ.
එදින ප්‍රධාන දෙසුම ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින් පැවැත්වීමට නියමිතය.
උළලේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ සහ අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි සහභාගි වනු ඇත