පියයුරු පිළිකාවක් වැලඳීම නිසා ශල්‍යකර්මයකට ද ලක්වූ සුපිරි නිළි ඇන්ජලිනා ජොලී මේ වන විට තදින්ම දුම්පානයට යොමු වී තිබෙනවා.
ජනප්‍රිය නළු බ්‍රැඩ් පිට් සමඟ ගත කළ යුග දිවිය දෙදරා ගොස් ඔහුගෙන් වෙන්වීමෙන් මතු වූ දුක්දොම්නස් තුනී කර ගන්නට ඇය මෙලෙස දුම්පානයට ඇබ්බැහි වී ඇතැයි පැවසෙනවා. තතු දන්නා අය පවසන්නේ ඇය දැන් දුම්වැටි උරමින් දුම් පිට කරන්නේ චිමිනියක් විලසින් බවයි.
“ඇන්ජි දැන් හරියට කෑම කන්නෙ නැහැ. දිගින් දිගටම දුම් බොනවා. එයා දවසකට සිගරට් පැකට් දෙකක්ම පුච්චලා දානවා. බ්රැඩ්ගෙන් වෙන්වීම තමයි, මේකට හේතුව. දැන් ඇන්ජි හරිම කෙට්ටුයි” ඇන්ජලිනාගේ හිතවතියක් එලෙස පැවසුවා.
සිගරැට්ටුවක් නිසා ඇන්ජලිනා වැනි දක්ෂ නිළියකගේ ජිවිතය විනාශයට ඇදී යෑම පිළිබඳව දැන් හොලිවුඩ්පුරය කම්පා වී සිටිනවා.