2017 ජනවාරි 21 වන දිනට දේශීය කතානාද සිනමාවට පුරා 70 වසරක් සපිරෙද්දි එය උත්සවාකාරයෙන් සැමරීම සඳහා නිල උත්සවයක් සංවිධානය කිරීමට ජාතික චිත්රපට සංස්ථාව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි වාර්තා වෙයි.
දීර්ඝ කාලයක් තිස්සේ නතර කොට දමා තිබූ ජනාධිපති සිනමා සම්මාන ප්රදානෝත්සවය ලබන වසරේ දී පැවැත්වීමට සංස්ථාව ගෙන ඇති පියවර සිනමා කර්මාන්තයේ නියැළෙන ශිල්පීන්ගේ ප්රසාදයට ලක්ව ඇතත් එය ලබන වසරේ මාර්තු මාසය තෙක් නොපැවැත්වෙන බව ද වාර්තා වෙයි.
(ගුණසිරි සිල්වා)