දම්මිත් ෆොන්සේකාගේ ඇරැයුමින් විදෙස් චිත්‍රපට සංරක්ෂක විශේෂඥයින් දෙදෙනකු එළඹෙන මාර්තුවේදී මෙරටට පැමිණීමට නියමිතය.
ඒ බෙල්ජියමේ සියාස් ආයතනයේ ඩේවිඩ් වෝලීස් හා මික් නියුහම්ය.
මේ දෙදෙනා ලාංකික සිනමාපට සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්රමෝපායන් සකසනු ඇත.
ඔවුන් මාර්තු 11 - 16 දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
දැනට පවතින චිත්‍රපට සංරක්ෂණය ක්‍රමවත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව දම්මිත් පැවසීය.
මෙම දිනයන්හී තෙදිනක් පුරා එම විශ්ලේෂකයන් චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්වීමට නියමිතය.
සරසවිය