විකල්ප වෙබ් අඩවිය සිය දස වැනි සංවත්සරයට සමගාමිව සංවිධාන කරනු ලබන UNFRAMED “පශ්චාත් යුද ශ්‍රී ලංකාව- යුක්තිය සහ ජීවිතය” ඡායාරුප ප්‍රදර්ශනය ජනවාරි 30, 31 යන දෙදින පුරා උදැසන 9 සිට රාත්‍රී 8 දක්වා JDA පෙරේරා කලාගාරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
ලංකාවේ යුද්ධයෙන් වසර 8 කට පසුව, විශේෂයෙන් යුද පිඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත් යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් මෙම ප්‍රදර්ශනය හරහා සාකච්ඡාවට ලක් කෙරේ.
ජනවාරි 30 වැනිදා සවස 3 ට නිළ වශයෙන් විවෘත වන ඡායාරූප ප්‍රදර්ශනයේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් “ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසුව යුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාවලියේ ස්වභාවය” ගැන අදහස් දැක්වීමට නියමිතය.
ඉන් අනතුරුව සවස 5 දක්වා ලේඛක කුමාරි කුමාරගමගේ, දේශපාලන විචාරක විදර්ශන කන්නන්ගර සහ දේශපාලන ක්‍රියාකාරී දයාපාල තිරාණගම විසින් සංවාදය පවත්වාගෙන යනු ඇත. මෙම සාකච්ඡාව මෙහෙයවීම සම්පත් සමරකෝන් විසිනි.
ජනවාරි 31 වැනිදා GROUNDVIEWS වෙබ් අඩවියේ මුලාරම්භක සංස්කාරක සංජන හත්තොටුව විසින් “පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සහ එහි ඇති ගතිකයනිගේ ස්වභාවය” පිලිබඳ අදහස් දැක්වීමට නියමිත අතර නීතිඥ සාරා ආරුමුගම්, ලංකා කලා මණ්ඩලයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර සවස 5 වනතෙක් සංවාදය පවත්වාගෙන යනු ඇත. මෙම සාකච්ඡාව මෙහෙයවීම ඉෂාරා ධනසේකර විසිනි.
ඡායා ප්‍රදර්ශනයට සමගාමිව සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් විසින් කෙටි නාට්‍ය ත්‍රිත්වයක් 31 වැනිදා සවස 3 ට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැඩි විස්තර සඳහා http://www.vikalpa.org/?p=31807