1970 Love Story ලෙසින් 70 දශකයේ සත්‍ය ආදර කතාවක් ප්‍රතිනිර්මාණය කරමින් සිනමාවට නැගෙන ආදරයේ හැඟුම්බර නිමේෂය පසුගිය දා පිටකෝට්ටේ සෝලීස් හෝටලයේ දී පැවැත්විණ. එදින මේ සිනමාපටයේ සමාරම්භක මොහොතට රංගන ශිල්පීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි විය.
මේ සිනමා පටය තිර රචනා කර අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධනයි. නිෂ්පාදනය කරන්නේ star entertainment and events වෙනුවෙන් වෛද්‍ය සමන් එදිරිසිංහ යි.චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණය කරන ,සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණය කරයි. සමරසිරි කඳනගේ වේෂ නිරූපණය කරද්දී,ප්‍රධාන රංගන ශිල්පිනිය ගේ භූමිකාව රඟපාන්නේ ලාංකීය සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට පිවිසුණ ගම්‍යා විජේදාසයි.
ඇය සමඟින් ප්‍රධාන භූමිකා රංගනයේ යෙදෙන්නේ සිංහල සිනමාවේ මතු බලාපොරොත්තුව වන හේමාල් රණසිංහ යි.එසේම මහේන්ද්‍ර පෙරේරා ,බිමල් ජයකොඩි,සරත් කොතලාවල ,අෂාන් ඩයස්,සඳලි ප්‍රනාන්දු ,නන්දන හෙට්ටිආරච්චි ,දයා වයමන්,සමන් හේමරත්න ,මධූ සේනාරත්න ,දිනෙත්ද සිල්වා,ප්‍රාර්ථනා සේරසිංහ,සුනෙත් මැල්සිරිපුර ,ලසන්ත උඩුකුඹුර,සහ අසංග පෙරේරා සෙසු චරිත නිරූපණයේ යෙදෙති.
දිල්