ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව පසුගියදා පැවැත්වුණු “ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උළල 2018” වෙනුවෙන් හොඳම සිංහල නවකතාවට හිමි සම්මානය දිනාගැනීමට අනුරසිරි හෙට්ටි විසින් රචිත පණ්ඩක පුත්‍ර වස්තුව නවකතාව සමත් වී තිබේ.
දෙමළ අංශයේ හොඳම නවකතාවට හිමි සම්මානය තේනියම් රචිත ‘ඊතනම්’ කෘතියට හිමි වූ අතර ඉංග්‍රීසි භාෂා අංශයේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගැනීමට ‘ද අදර් වන්’ නවකතාව ලියූ අමන්දා ජේ සමත්වූවාය.
භාෂා ත්‍රිත්වයෙන්ම තරගය සඳහා සිංහල භාෂා අංශයෙන් නවකතා 87ක් ඉදිරිපත් වී තිබිණි.
නිශ්ශංක විජේමාන්න රචිත හඳ පළුව තනි තරුව, විමල් උදය හපුගොඩආරච්චි රචිත යකඩ සිල්පර, කීර්ති වැලිසරගේ රචිත ගරුඬ මුහුර්තය, අනුරසිරි හෙට්ටිගේ රචිත පණ්ඩක පුත්‍ර වස්තුව සහ දීප්ති මංගලා රාජපක්ෂ රචිත නිකිණි කළුවර අවසන් වටයට තේරී පත්වුණු කෘතීන් අතර වේ.
සම්මාන උලළේදී පළමු වරට සාර්ක් සාහිත්‍ය සම්මානය හඳුන්වා දෙන ලදි.
ඒ අනුව පළමු සාර්ක් සාහිත්‍ය සම්මානය හිමිවුයේ ඇෆ්ගනිස්තාන සාහිත්‍ය සහ සංස්කෘතික සංවර්ධනය වෙනුවෙන් කරන ලද මෙහෙය වෙනුවෙන් නජිබුල්ලා මලලායීට ය.
ගාලු සාහිත්‍ය උලළේ නිර්මාතෘ ජෙෆ්රි ඩෝබ්ස් ද සම්මාන උලළේදී විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ගාලු කොටුවේ පැවති සම්මාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.