ඉන්දියාව පුරා මහත් මතබේදයට තුඩුදුන් ‘පද්මාවත්’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීමට සමත්ව ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
පසුගිය වසරේ තිරගත කිරීමට දින නියම කර තිබුන ද ජාතිවාදීන් විසින් රට පුරා උද්ඝෝෂණ මෙහෙයවීම නිසා නොයෙක් අර්බුද මැද මෙම සිනමාපටය ප්‍රදර්ශනය කිරීම ඇරැඹුණේ ජනවාරි 25 වැනිදා සිටය.
ඒ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ යම් යම් සංශෝධනවලට ලක් වීමෙන් අනතුරුවය.
කෙසේවෙතත් ඉන්දියාවේ ප්‍රාන්ත හතරක චිත්‍රපටය තිරගත නොකෙරේ.
චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා දෙවැනි දිනය වනවිට ඉන්දීය රුපියල් කෝටි 56 ක් උපයා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
සන්ජේ ලීලා බන්සලි නිර්මාණයක් වන ‘පද්මාවත්’ චිත්‍රපටයේ ‘පද්මාවතී’ රැජින ලෙස දීපිකා පදුකෝන් රංගනයෙන් දායකවන අතර රන්වීර් සිං සහ ෂාහිද් කපූර්ට අනෙකුත් ප්‍රධාන චරිත හොබවයි.