60 වැනි වරටත් සංවිධාන කළ ලොව සුප්‍රකට ග්‍රැමී සංගීත සම්මාන රාත්‍රිය ඊයේ දින එනම් 28 වැනි ඉරිදා ඇමරිකාවේ නිව්යෝක් නුවර මැඩිසන් පරිශ්‍රයේදී පැවැත්වුනි.
2003 වර්ෂයෙන් පසුව ලොස් ඇන්ජලිස් නුවරින් පිටත පැවැත්වුණු පළමු ග්රැමි උළෙල මෙය වේ.
සම්මාන රාත්‍රිය සඳහා ලොව සුප්‍රකට ගායන තරු රැසක් මෙවර ද සහභාගි වී සිටියහ.
වසරේ ගීත ඇල්බමය (24K Magic), වසරේ ගීතය(That’s What I Like) සහ වාර්තා තැබූ ගීතය(24K Magic) ඇතුළු සම්මාන හතකට හිමිකම් කීමට ජනප්‍රිය ගායක බෘනෝ මාස් හට එහිදී අවස්ථාව උදා විය.
අලිෂියා කාරා හොඳම නැඟී එන ගායිකාව/ ගායකයා උදෙසා සම්මානයක් හිමි කරගත්තාය.
හොඳම පොප් ගීතය(ඒකීය) උදෙසා වූ සම්මානය එඩ් ශිරන්ගේ ශේප් ඔෆ් යු ගීතයට හිමිවිය.
එසේම එහිදී තවත් සම්මාන 80 කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කීමට ගායක ගායිකාවන් හට අවස්ථාව උදා වී තිබුණි.
මෙවර ග්රැමි උළලේ තවත් එක විශේෂත්වයක් වන්නේ ලිංගික හිංසනයට විරුද්ධව මෑතකදී ආරම්භ කළ #Time’sUp ව්‍යාපෘතියට සහය පල කිරීමක් වශයෙන් සම්මාන උළෙලට සහභාගී වූ තරු බොහොමයක් දෙනා සුදු පැහැති රෝස මලක් පැළඳ සිටීමයි.
ජනප්‍රිය තරු මිලි සයිරස්, ලේඩි ගාගා, ජනෙල් මොනේ ද ඒ තරු අතර වේ.
සේවා ස්ථානයන්හි සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව නැගී සිටීමක් වශයෙන් හොලිවුඩ් තරු සහ ජනප්‍රිය කලාකරුවන්ගේ එකමුතුවෙන් ආරම්භ කළ #Time’sUp #METoo ව්‍යාපෘතිය පිලිබඳ විශාල කතා බහක් ඇතිවීමට පටන් ගත්තේ පසුගිය ජනවාරි මස පැවැත්වුණු ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රියෙන් පසුවය.
https://mirrorarts.lk/news/2611-grammy-awards-2018-winners#sigProIde2c18b260c