බොලිවුඩ් සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පිනි ශ්‍රී දේවි ගේ මරණය දියේ ගිලිමකින් සිදුව ඇතැයි ඩුබායි හිදී සිදු කළ මරණ පරීක්ෂණයේ වාර්තාවේ සඳහන් වී තිබේ.
කෙසේ වෙතත් සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තවමත් නිකුත් කර නැත.
පවුලේ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී වීමට ඩුබායි හි නුවරට ගොස් සිටියදී 24 සෙනසුරාදා ඇය ජිවිතක්ෂයට පත්විය.
ඇගේ මරණය හෘදයාබාධයක් නිසා සිදු වූ බවට මින් පෙර වාර්තා වුනි.
දශක පහකට අධික කාලයක් සිනමා ක්ෂේත්රයේ රැඳී සිටි ශ්‍රී දේවි රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 300 කට වැඩිය.