සෞදි අරාබියේ ප්‍රථම ඔපෙරා රඟහල රතු මුහුදේ වරාය නගරයක් වන ජෙඩා හි දී ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව එරට විනෝදාස්වාද අධිකාරිය පවසයි.
ඔපෙරා රඟහල ඇතුළු විනෝදාස්වාද කර්මාන්තයේ සමස්ත ව්‍යාපෘති කටයුතු සඳහා ඩොලර් බිලියන 64 ක මුදලක් ඉදිරි වසර 10 තුල යෙදවීමට වෙන් කර ඇතැයි අධිකාරී සභාපති අහමඩ් බින් අකීල් අල්-කටිබ් නිවේදනය කර ඇත.
2018 වර්ෂය තුල විවිධ වැඩසටහන් පන්දාහකට වඩා වැඩි සංඛ්‍යාවක් රාජධානියේ නගර 56 ක පැවැත්වීමටත් ඔවුන් සැලසුම් කර ඇත.
ඔපෙරා රඟහලේ ඉදිකිරීම් වැඩ කටයතු නිම කිරීමට තව සිව් වසරක් පමණ ගත වනු ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.