90 වැනි ඔස්කාර් ඇකඩමි සම්මාන රාත්රියේ හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනා ගැනීමට “ශේප් ඔෆ් වෝටර්” සමත් විය.
හොලිවුඩ් සිනමා ලොව දැවැන්තම සම්මාන රාත්රිය ලෙසින් හැඳින්වෙන මෙය එක්සත් ජනපද ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි රඟහලේ දී 4 ඉරිදා පැවැත්වුණි.
ඩාර්කස්ට් අවර් චිත්රපටයේ වින්ස්ටන් චර්චිල් චරිතයට පණ පෙවූ ගැරී ඕල්ඩ්මන් හොඳම රංගන ශිල්පියා ලෙස සම්මාන හිමි කර ගත්තේය.
සිය දියණියගේ ඝාතනය පිළිබඳ යුක්තිය සොයා යන කතා තේමාව යටතේ නිර්මාණය වුනු ත්රී බිල්බෝඩ්ස් අවුට්සයිඩ් ඉබින්ග් මිසුරි හි මවගේ චරිතය රංගනය දැක්වූ ෆ්රාන්සස් මැක්ඩෝමන්ඩ් හොඳම රංගන ශිල්පිනිය බවට පත්විය.
හොඳම අධ්යක්ෂණය ශේප් ඔෆ් වෝටර් නිර්මාණකරු වූ ගුඑර්මෝ දෙල් ටොරෝ හට හිමිවිය.
කොකෝ සිනමාපටය හොඳම ත්රිමාණ සජීවිකරණ චිත්රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලදී.
සම්මාන උළලේ දී ලබා දුන් සම්මාන කිහිපයක් මෙසේ වේ,
හොඳම සහාය රංගන ශිල්පියා - සෑම් රොක්වෙල් (ත්රී බිල්බෝඩ්ස් අවුට්සයිඩ් ඉබින්ග් මිසුරි)
හොඳම සහාය රංගන ශිල්පිනිය - ඇලිසන් ජැනී (ටොන්යා)
හොඳම සිනමා සංස්කරණය - ඩන්කර්ක් චිත්රපටය
හොඳම විදෙස් සිනමාපටය - අ ෆැන්ටෑස්ටික් වුමන් නම් ජර්මානු චිත්රපටය
හොඳම චිත්රපට සංගීතය - ශේප් ඔෆ් වෝටර් චිත්රපටය
හොඳම ගීතය - රිමෙම්බර් මී (කොකෝ)