ලෝක ප්‍රකට ගායිකාවක ගීත රචිකාවක වන කේටි පෙරී සමග දේපළක් සම්බන්ධයෙන් නඩු කියූ කන්‍යා සොයුරියක් අධිකරණය තුළ සිහිසුන්ව ඇද වැටී මියගිය ගොස් තිබේ.
89 හැවිරිදි කැතරීන් රෝස් හොල්ස්මන් නම් මෙම කන්‍යා සොයුරිය ලොස් ඇන්ජලීස් නුවර අක්කර අටක භුමි ප්‍රදේශයක පිහිටා තිබු කන්‍යාරාමයක් කේටි පෙරී හට විකිණීමට යාම සම්බන්ධයෙන් වසර කිහිපයක පටන් නඩු කියා තිබුණි.
2015 වසරේදී හෝටලයක් ඉදිකිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15.5 කට දේපල විකිණීමට මිල නියම කර තිබුන ද කන්‍යා සොහොයුරියන්ට දේපල විකිණීමේ අයිතියක් නොමැති බව පවසමින් අග්‍ර බිෂොප්වරයා එය වළක්වා ඇත.
2016 දී ලබා දුන් නඩු තීන්දුවෙන් උක්ත විකිණීම වලංගු නැති බව ප්‍රකාශ වූ බැවින් කේටි පෙරී ට කන්‍යාරාමය මිලට ගැනීමේ මග විවෘත විය.
කෙසේ වෙතත් ඊට කන්‍යා සොහොයුරියන් අකමැත්ත පල කිරීම නිසා අර්බුදකාරී තත්වයක් පැන නැගී තිබුණි.