දිවයිනපුරා පිහිටි සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක පසුගියදා පාර්ලිමේන්තුවේ දී පවසා ඇත.
මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ.
දේශීය චිත්‍රපට සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට ක්‍රියාකර ඇතැයි පෙන්වා දෙන අමාත්‍ය ගයන්ත කරුණාතිලක මෙරට ඇති සිනමා ශාලා173 න් 117ක් ඩිජිටල්කරණයට පරිවර්ථනය කළ යුතු බව ප්‍රකාශ කර ඇත.
එක් සිනමා ශාලාවක් ඩිජිටල්කරණය සඳහ වැයවන මුදල රුපියල් මිලියන 7කි.
මේ සඳහා සිනමා ශාලා හිමියන්ට ණය ලබදීමට බැංකු සමඟ සාකච්ඡා කරන බව අමාත්‍යවරයා පැවසුවේ යැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.