පසුගිය දින ඇති වූ ජාතිවාදී ගටුම් හේතුවෙන් ඇති වූ ප්‍රචන්ඩකාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා රජය විසින් සමාජ මාධ්‍ය ජාල තහනම් කළේය. මේ වන විටත් තහනම ඉවත් කිරීම සම්බන්ධව රජය කිසිදු තීරණයක් ගෙන නොමැත.
මේ සම්බන්ධව චිත්‍රපට අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දරගෙන් Mirrorarts කළ විමසුමකදී ඔහු මෙසේ අදහස් දක්වා සිටියේය.
අදවෙනකොට ලෝකයේ පුද්ගලික සන්නිවේදනය සහ පොදු ජන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා face book, whatsapp, viber කියන මේ සන්නිවේදන ජාලාව මහජනතාව අමතනගමන් පුද්ගලිකවත් අමතන්න පුලුවන් මාධ්‍යයක්.
මීට කලින් තිබුණේ රජයේ හෝ කණ්ඩායම් වශයෙන් සෑදී තිබුණ සන්නිවේදන තොරතුරු මාධ්‍ය ජාලාවක්. නමුත් තාක්ෂණිකව ලැබූ ජයග්‍රහණයත් එක්ක මෙය පොදුවේ හා පුද්ගලිකව ඇමතීම දක්වා පුලුල් වුණා.
මෙහි හොඳ නරක දෙකම තියෙනවා. නමුත් අපිට මෙයින් ශිෂ්ඨාචාරය නවත්වන්න පුලුවන් කමක් නැහැ. ඒ මොකද මුලු ලෝකයම මේ ජාලාවත් එක්ක බැඳී සිටිනවා.
මම හිතනවා යම් යම් පුද්ගලයින් යම් කණාඩායම් සුලු කොටසක් නිසා පනවා ඇති මෙම තහනම සමස්ත සමාජයටම කරන විශාල හානියක් කියල.
ඒ වගේම fb හරහා පොදුජන මතය වගේම පුද්ගලික මත හුවමාරුවක් සිද්ධවෙනවා. මේ වන විට පිට රට සේවයේ ඉන්න තමන්ගේ මවට පියාට කතාකරන්න, දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට කතාකරන්න, අසනීපව සිටින අයට බෙහෙතක් ගෙන්වන්න අදාල කෙනාට කතාකරන්න, තමන්ගේ පෙම්වතියට පෙම්වතාට කතාකරන්න නොහැකිව සිටිනවා.
මෙය සමස්ත සමාජයටම කරන හිංසාවක්. එක ගමක සිදුවුන සිදුවීමක් නිසා මුලු ලෝකයක් එක්කම තියෙන සම්බන්ධතාවය වහන්න හදන එක ඇත්තටම විහිලුවක්.
පුද්ගලිකව වෛරී ප්‍රකාශයක් කරනවානම් තාක්ෂණික වශයෙන් නීතිය හරහා ක්‍රියාත්මක කරන්න පුලුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒවා රිපෝට් කරල නවත්වන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ.
කොටසක් fb හරහා ජන ගැටුමක් ඇති කරන්න හදනවා නම් අපි කරන්න ඕනේ fb හරහාම ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත ඇති කරන එකයි.
ඒ වගේම වාරනය කියන එක ඉතාම තාවකාලිකයි. කලාව පැත්තෙන් ගත්තත් චිත්‍රපට ටෙලිනාට්‍ය සඳහා පැනවූ වාරණ එකකින්වත් වැඩක් වුණේ නැහැ. තවමත් ඒ දේවල් ඒ විදිහටම සිද්ධවෙනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ මාධ්‍ය ජාල තහනම නිසා මුලුමහත් සමාජයටම සිදුකරන විශාල පාඩුවක් හා එයින් ඔවුන් පීඩාවට පත්වෙන එක පමණයි වෙන්නේ.