රංගන ශිල්පිනි එඩ්නා සුගතපාල සිය දිවි ගමනින් සමුගෙන තිබේ.
72 හැවිරිදි ඇය රෝගී තත්වයක් නිසා කොළඹ නවලෝක රෝහලේ ප්රතිකාර ලබමින් සිටින විට මියගොස් ඇත.
සැනසුම සිනමාපටයෙන් ක්ෂේත්රයට පිවිසි එඩ්නා සුගතපාල සිය රංගන දායකත්වය සැපයු “ඉස්කෝලෙට මං ආවා” සිනමාපටය මේ වසරේදී ප්රදර්ශනය කිරීමට නියමිතව තිබුණි.