සංක්රමණිකයන් නීති විරෝධී අයුරින් පිටරට පටවන ජාවාරම් කළ ඉන්දියානු පොප් ගායක දලර් මෙහෙන්දි හට දෙවසරක සිර දඬුවම් හිමි වී තිබේ.
බටහිර රටවලට යවන බව පවසමින් විශාල මුදල් වංචාවක් සිදු කළේ යැයි 2003 දී ඔහු ඇතුළු 6 දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.
සිය සංගීත කණ්ඩායමේ නර්තන ශිල්පින් බව සඳහන් කරමින් ඇමරිකා එක්සත් ජනපදය (1998-99) වෙත සංක්රමණිකයන් 10 දෙනකු රැගෙන ගොස් ඇති නමුත් ඔහු නැවත ඉන්දියාවට පැමිණ ඇත්තේ ඔවුන් නොමැතිවය.
එසේම පිටරට යවන්නේ යැයි පවසමින් තමන්ගෙන් මුදල් ලබා ගත් නමුත් එසේ නොකළ බවට පුද්ගලයන් 35 දෙනකු පමණ දලර් ට විරුද්ධව චෝදනා එල්ල කර ඇත.
උතුරු ඉන්දීය ප්රාන්තයක් වන පන්ජාබි හි අධිකරණයක් විසින් දලර් මෙහෙන්දි වරදකරු කර ඇත්තේ පසුගිය සිකුරාදා ය.
කෙසේ වෙතත් ඉන් සුළු වෙලාවකට පසුව ඔහු ඇප මත මුදා හැර තිබේ.
1990 සහ 2000 මුල් භාගයේ ඉතාමත් ප්රසිද්ධ පන්ජාබි ගායකයෙක් ලෙස දලර් මෙහෙන්දි නම් දරා සිටියේය.