සුප්‍රකට “සෙක්ස් ඇන්ඩ් ද සිටි” රංගන ශිල්පිනියක් වන සින්තියා නික්සන් එක්සත් ජනපද නිව්යෝක් හි නගරාධිපති ධුරයට තරග වැදීමට බලාපොරොත්තු වන බව නිවේදනය කර තිබේ.
HBO ටෙලි මාලාවක් ලෙස මෙන්ම පසුකාලීනව සිනමාපටයක් ලෙසින් ද ජනාදරයට පත් “සෙක්ස් ඇන්ඩ් ද සිටි” නිර්මාණයේ මිරැන්ඩා හොබ්ස් ගේ චරිතයට පණ පෙවූ ඇය, වත්මන් නගරාධිපති තනතුර හොබවන ඩිමොක්රටික් පාක්ෂික ඇන්ඩෘ කුඔමෝ හට අභියෝගයක් එල්ල කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.
ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කළ සින්තියා නික්සන් ඇගේ මෙම බලාපොරොත්තුව පිළිබඳව වැඩිදුර සටහනක් තබා ඇත.
51 හැවිරිදි නිදහස් මතධාරිනියක් වන ඇය කිසි දිනක ඡන්ද ව්‍යාපාරයක් මෙහෙයවා නැත.
සින්තියා මෙම ඡන්දය ජයගතහොත් නිව්යෝක් නුවරට තේරී පත්වන පළමු කාන්තා මෙන්ම තමන් සමරිසි බව ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති ප්‍රථම නගරාධිපතිනිය ද ඇය වනු ඇත.