වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයෙහි අභිනවයෙන් ඉදි කෙරුණු සාත්තු ඒකකය නිරීක්ෂණයට ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් පසුගියදා එක් වී සිටියාය.
තුවාල වුණු වන සතුන්, පැටවුන්ට උදෙසා අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය සැපයීම මෙන්ම එකී පුනරුත්ථාපන කාලයෙන් පසු ස්වභාවික පරිසරය වෙත ඔවුන් මුදා හැරීම මෙම ඒකකය මඟින් සිදුවන කාර්යභාරයකි.
එහිදී අදහස් දැක්වූ ජැකලින් පළ කළේ මෙවැනි අදහසකි,
“සතුන් ගැන අපි මිට වඩා වගකීමක් දැරිය යුතුයි. සතුන්ට කරුණාවෙන් සලකන්න, ඔවුන් ගැන සැලකිලිමත් වන්න දැනුවත් වන්න. ඒවගේම අවශ්‍ය අවස්ථා වලදී මේ රැඳවුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන් නම් මම එය ඉතාමත් අගය කොට සලකනවා. සතුන් පුනරුත්ථාපනය කරලා නැවතත් ස්වභාවික පරිසරය වෙත මුදා හරින්න මෙහි පිරිස විශාල දායකත්වයක් ලබා දෙනවා.”
https://mirrorarts.lk/news/2892-jacqueline-fernandez-visited-wildlife-rehabilitation-centre-nursery-unit#sigProId1c5917ab31