මේ තියෙන්නෙ නාඩා ආයතනය රගහල ඊයෙ බස්නාහිර පලාත් සංස්කෘතික අමාත්‍යාංශයේ උත්සවයක් තිබුනා. මේ උත්සවයට සංස්කෘතිය භාර ඇමතිතුමාත් ආවා.මේ බලන්නකෝ අද උදේ (2016 .12. 18) තත්ත්වය.මේ සටහන සහ ජායාරූප කීර්ති .කේ. රත්නායක රංගනශිල්පියාගේ ෆේස්බුක් තුළින් උපුටා ගත්තේ.
මේ විදිහට ලංකාවෙ ඔිනෙම රගහලක් දකින්න පුළුවන් උත්සවයක් ඉවර වෙලා පැමිනි පිරිස් ගියාට පස්සේ. සිනමාශාලාවක නම් ඒ සඳහා සේවකයෝ යොදවලා ඉන්නවා චිත්‍රපටයක් දර්ශණයක් ඉවරවුන ගමන් ඊගාව එකට පේ්රක්ෂකයො ඇතුල් වන්නට පෙර සියල්ල පවිත්‍ර කරන්න. රජයේ ආයතනවල තියෙන ප්රශ්නය තමයි අදාළ දිනය කුමක් වුවත් එවා පවිත්‍ර කරන්න අදාළ සේවකයන් නැහැ.
මේ විදිහට ශාලාව තුළ එකතුවන අපද්‍රව්‍ය පිරිසිදු කරන්න වෙන්නේ සතයේ දවසක පවිත්‍රතා සේවකයෝ වැඩ කරන්න ආවහම.
ලංකාවෙ මිනිස්සුන්ට පවිත්‍රතාව ගැන සහ පරිසරය මෙන්ම තමන් අවට පිරිසිදුව තියාගන්න ආරක්ෂා කර්නන කිසිම විදිහක දැණුවත් බාවයක් මෙන්ම අවශ්‍යතාවක් පේනනේ නැහැ.
පාරට කෙල ගහන ,හොටු හූරන, මල පහ කරන, සුළු දිය මුදාහරින අවස්ථා එිනෙ තරම්. ඒ වගේම තමා වාහන තුළින් කන බොන දෑ පාරට විසි කරන එක. මේ සියල්ල නවතා දමන්න හැකි ක්‍රම තිබෙනවා. අවශ්‍ය වෙන්නේ ජනතාව දැණුවත් කිරීම පමණයි.
කොහොමවුනත් නෙළුම්පොකුණ රගහල තුළට මෙන්ම තවත් කිහිපයක් ඒවා තුළට ආහාර ඇතුළට රැුගෙනයාම තහනම් කරලා තිබෙනවා. ඒ මෙවැනි හේතු නිසා වෙන්න ඇති.
මිනිස්සු හැදෙන්නේ හරි හිමින්. සමහරු හැදෙන්නෙම නැහැ. නමුත් හෙට දවසේ පරම්පරාව වෙනුවෙන් මේ සියල්ල පිළිබඳ දැණුවත් කිරීම් කරන්න වෙනවා.