සිංහල සිනමාවේ 60,70 දශක වල සිනමා තිරය එකළු කල ප්‍රතිභාපූර්ණ කලා කරුවෙකු වන බැප්ටිස් ප්‍රනාන්දු රෝගතුරුව රෝහල් ගත කර ඇතැයි මිරර් ආර්ට් වේත වාර්තා වනවා.
එතුමා මේ වන විට රාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ඔහු මීට පෙර පුවත්පතක් සමඟ කල සම්මුඛ සාකච්ඡාවකදී තමන් පත්ව ඇති අසීරු තාවයන් පිළිබඳ සඳහන් කරමින් පවසා තිබුණේ මෙසේයි.
‘වසර 60 සම්පූර්ණ වන මගේ කලා දිවිය තුළ සිනමාව හැර වෙනත් කිසිම කලා මාධ්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. ටෙලි නාට්‍ය රංගනයට ආරාධනා ලැබුණත් ඒවා ප්‍රතික්ෂේප කළා. අපි නළු නිළි සංගමයේ සාමාජිකත්වය දැරූ කාලයේ සිනමා රංගන ශිල්පීන් ටෙලිනාට්‍ය රංගනයට නොයන බවට ප්‍රතිඥාවක්දී තිබුණා. මම එය අකුරටම පිළිපැද්දා. සෙසු අය වාසි ප්‍රයෝජන තකා පොරොන්දු කඩ කළා. වත්මන් මගේ තත්ත්වය ගැන නොසඟවා කියනවා නම් මුළු සේසතම මූල්‍ය වංචාකාර සමාගමකට ගියා. මේ පිළිබඳ හිතලා අද මම මානසික වශයෙන් අගාධයට වැටිලා. අසරණවෙලා ඔත්පල වෙලා. මීට සාධාරණ විසඳුමක් පවතින රජය යටතේ ඉදිරියේදී ලැබෙයි කියලා බලාපොරොත්තු පොදි බැඳ ගෙන සිටිනවා.
යනුවෙනි.’
නමුත් මේ වන තෙක් කිසිම බලධාරියකුගේ අවධානය යොමු වී ඇති බවක් දක්නට ලැබුණේ නැත.
කළාකරුවන්ට අවසාන කාල වලදී අසරණ නොවන්නට රාජ්‍යය මට්ටමින් ශක්තිමත් වැඩපිලිවෙලක් අවශ්‍යය බව අවධාරණය කරමින් අප මෙතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
බැප්ටිස් ප්‍රනාන්දු මහතා පිළිබඳ යම් සුවදුක් විමසිමක් කිරීමට ඇත්නම් ඇයගේ දියණියක් වන දුලාරි ප්‍රනාන්දු 0765408459 යන දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගත හැක.