“දැන් අපි ඉන්නේ විසිඑක්වැනි ශත වර්ෂයේයි. මේ යුගයේදී ජාතීන් අතර සම්බන්ධය ඇති කළ යුතුයි. අපේ සාහිත්‍යයේ නවීකරණයක් විය යුතුයි. ජාතිවාදය ඇති වනවා නම්, යුද්ධය ඇති වනවා නම් අපට සාහිත්‍යයෙන් පෝෂණය වීමට සහ දියුණුවීමට නොහැකි වනවා,” යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකීක කවි කිවිදියන් ගේ ප්රසංගත්මක එක් දින කවි කඳවුරට එක්වෙමින් ප්‍රකාශකර සිටියේය.
එසේම සිංහල සහ ද්‍රවිඩ සංස්කෘති තරම් පැරැණි සංස්කෘති ලෝකයේ නැති බවත් උදාවී ඇති සාමකාමී තත්වය නිසා සාහිත්‍යයේ දියුණුවක් ඇති විය යුතු වුවත් ඒ සඳහා සාමයට පදනමක් ඇති කර ගත යුතු බවත් සාහිත්‍ය දියුණු වෙන්නේ සාමය ඇතිවිට පමණක් බවද සාමය නැති අවස්ථාවේදී සාහිත්‍යත් දියුණු වන්නේ නැතැයිද අග්‍රමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී දෙසැම්බර් 18 දා පැවති ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමත්‍යංශය සංවිධානය කොට තිබු මෙම ප්රසංගයේදී සිංහල හා දමිල භාෂාවන්ගෙන් කවි ගායනා ඉදිරිපත් කෙරුනි.
සියලු ජනවර්ගයන්ට අයත් ශ්‍රී ලාංකික කවි කිවිඳියන්ගේ එක්දින කවි කඳවුරක් ලෙසින් ප්‍රසංගය සංවිධානය කළ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් අගමැතිවරයාගේ විශේෂ ප්‍රශංසාවටද ලක්විය.