සුසිරන් ද සිල්වා ගේ නවතම සිනමා නිර්මාණය මිස් ජෙනිස් ප්‍රේක්ෂකාගාරයට අපුරු අත්දැකීමක් ලබා දෙන්නට සුදානම්.
රැකියාවෙන් ඉවත් කිරීම නිසා තම බාහිර ස්වරුපය කාන්තාවක් ලෙසට වෙනස් කරගනිමින් රැකියාවක් කරන්නට සුදානම් වන පුද්ගලයෙක්ට මුහුණ දීමට සිදුවන අපුරු සිදුවීම් පෙළක් වටා ගෙතී ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මිස් ජෙනිස්ට පණ පොවන්නේ ජයලත් මනෝරත්න විසින්.
ගිරිරාජ් කෞශල්‍ය, රොෂාන් රණවන, දුලීකා මාරපන, ජයලාල් රෝහණ, උදාරි පෙරේරා, ගයත්‍රි ඩයස්, කුමාර තිරිමාදුර, මාධනි මල්වත්ත, ඕෂධි හිමාෂා, ඇන්ජලෝ බාන්ස්, කුමාර වඳුරැස්ස, නිලන්ති ගුණසිංහ, වසන්ත කුමාරසිර, කපිල සමරකෝන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
කැමරා අධ්‍යක්ෂණය අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි, සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත, කලා අධ්‍යක්ෂණය ලකී විජේවර්ධන, තිර රචනය සුසිරන් ද සිල්වා, අංග රචනය නලීන් ප්‍රේමතිලක, කොණ්ඩා සැකසුම හරූන් ෂයිඩීන්, ඇඳුම් නිර්මාණය චාමි පෙරේරා, නිෂ්පාදන කළමනාකරු අශෝක ආරියරත්න, සංගීත අධ්‍යක්ෂණය ලක්ෂ්මන් විජේසේකර, නැටුම් අධ්‍යක්ෂණය ශාන් පෙරේරා, ගායනය උරේෂා රවිහාරි, අමිල පෙරේරා, සංඛ දිනෙත්, නිශ්චල ඡායාරූප තිළිණ බෙන්, ගීත රචනය බණ්ඩාර ඇහැලියගොඩ, නන්දන වික්‍රමගේ, දෙවන සහාය අධ්‍යක්ෂණය චමින්ද හේවාවසම්, කලා අධ්යක්ෂණ සහාය දිමුතු ප්‍රියජනක, අංග රචනා සහාය චානක විජය
මිස් ජෙනිස් නිෂ්පාදනය වෝල්ටර් අබේසුන්දර විසිනි.