පුවත්පත් කලාවේදිනියක, නවකතා රචිකාවියක හා තිර නාටක රචිකාවියක වන බුද්ධිනී ජයවර්ධනගේ නවතම නවකතාව ‘අහස්‘ මැයි 24 වෙනිදා සවස 3. 45 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.
කලා ක්ෂේත්රයේ ප්‍රවීණයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම උත්සවයේ ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ මාධ්‍යවේදිනියක සහ සාහිත්‍යවේදිනියක වන මනෝහරී හේවාවසම් ය.
‘අහස්‘ නවකතාව ඇසුරින් ටෙලි නාට්‍යයක් ද නිර්මාණය වී ඇති අතර එය ඉදිරියේදී විකාශය වීමට නියමිතය.
‘අහස්‘ බුද්ධිනී විසින් රචිත දෙවන නවකතාව වන අතර මීට ප්‍රථම ඇය විසින් රචනා කෙරුණු ‘සඳ කිඳුරී මං‘ නවකතාව ‘මේ මමයි‘ ලෙසින් ටෙලිනාට්‍යට ද නැගුණි. බුද්ධිනී විසින් තිර රචනය කෙරුණු ‘ආදර දඩයම‘ හා ‘විභාරා‘ ඉදිරියේදී ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වීමට නියමිතය.