ප්‍රකට බොලිවුඩ් නිලි ශ්‍රී දේවි ගේ මරණය සැලසුම් සහගතව කරන ලද ඝාතනයක් බව ඉන්දීය හිටපු සහකාර පොලිස් කොමසාරිස් වේද් භුෂාන් චෝදනා එල්ල කර තිබේ.
පාතාල නායකයෙක් වන ඩේවූඩ් ඉබ්රාහිම් නැමැත්තා ඇගේ මරණයට සම්බන්ධ යයි තමන් සැක කරන බව ද ඔහු ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ශ්‍රී දේවි මියගිය දින ඇය නවාතැන් ගෙන සිටි ජුමෙයිරා එමිරේට්ස් ටවර් හෝටලයේම මෙම පුද්ගලයා තම පෞද්ගලික විමර්ශන නියෝජිතයන් සමඟ නැවතී සිටි බව විශ්‍රාමික සහකාර පොලිස් කොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.
මෙම හෝටලයේ අයිතිකරු වන්නේ ද ඩේවූඩ් ඉබ්රාහිම්ම ය.
කෙසේ වෙතත් වැඩිදුර අදහස් දැක්වූ වේද් භුෂාන් පවසන්නේ තමන් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සුදානමකින් පසුවන බවයි.