සාහිත්‍ය කෘති වෙනුවෙන් පිරිනමන සුප්‍රකට අන්තර්ජාතික මෑන් බුකර් සම්මානය ප්‍රථම වතාවට පෝලන්ත ජාතික ලේඛිකාවක් විසින් හිමිකරගෙන තිබේ.
“ෆ්ලයිට්ස්” නම් නවකතාව වෙනුවෙන් ඔල්ගා ටෝකර්සුක් සහ එම ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තිකා ජෙනිෆර් ක්‍රොෆ්ට් යන දෙදෙනාට මෙම සම්මානය හිමි වන බව පසුගියදා ලන්ඩනයේ පැවති ජයග්‍රාහකයන් දැනුම්දීමේ උත්සවයේදී ප්‍රකාශයට පත් කර ඇත.
එසේම මෙම සම්මානය සමඟ ඔවුන් දෙදෙනා හට පවුම් 50,000 ක මුදල් ත්‍යාගයක් ලැබෙනු ඇත.
2018 වසර සඳහා ඉදිරිපත් කර තිබු ග්රන්ථ 108 අතුරින් ජයග්රාහි නවකතාව ලෙස “ෆ්ලයිට්ස්” තෝරා පත් කරගෙන තිබුණේ පස් දෙනකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයක් විසිනී.
පසුගිය වසරේදී මෙම සම්මානය දිනා ගනු ලැබුවේ ඩේවිඩ් ග්‍රොස්මන් ගේ “අ හෝස් වෝක්ස් ඉන්ටු අ බාර්” නම් කෘතිය යි.