මෙවර කෑන්ස් සිනමා උළෙල සිනමාවට සමිබන්ධ විවිධ මිනිසුන්ගේ විරෝධතාවයන්හි අභය භුමියක් සහ වේදිකාවක් බවට පත්විය.
ඒ 2018 සුප්රකට කෑන්ස් සිනමා උළෙලයි. එහි අවසන් මොහොතේ හොදම නිලියට හිමි සමිමානය පිරිනැමීමට ආරාධනා කළේ ඉතාලි සිනමා නිලියක වු Asia Agento ටය.
එහිදී එය සමාප්ත කරමින් ඇය කළ කතාව සිනමා ලෝකයේ නිර්මාණශීලී සිනමාකරුවන් හා දක්ෂයන් තිගැස්සීමට පත්කලෝය.
‘‘ මම වචන කිහිපයක් ඔබට කියනවා.1997 දි මාව දූෂණය කළා චිත්රපටි නිෂ්පාදක හාවි වින්ස්ටන්. මට එතකොට අවුරුදු 21 යි. මේ සිනමා උළෙල ඔහුට දඩයමි බිමකි. හාවි වින්ස්ටන් නැවත පැමිණ සිටී. ඔව් ඔහු මෙතැන සිටී ! ඔහු ඔබ අතර වාඩිවී සිටී. මම අනාවැකි කියමි හාවි වින්ස්ටන්ව කිසිදු දිනයක මෙම උළෙල සාදරයෙන් පිලිනොගනු ඇත.මින් පසුව ඔහුව ආදරයෙන් වැළදගත් සිනමාකරුවන් ඔහුව අවමානයෙන් පිලිගනු ඇත. කාන්තාවන්ට එරෙහිව ඔබේ හැසිරීම සහ ඔබ කවුරුන්ද යන්න දැන් සියල්ල දනී. ඔවු දැන් ඔබ ගැන සියල්ලෝම දනී ! වඩා හොදින් දනී ස්තුතියි !”
ඇගේ කතාව අවසානයේ සියල්ලෝම කමිපිතව ප්රතිචාර දැක්වූහ.
හාවි වින්ස්ටන් යනු චිත්රපටි නිෂ්පාදන ලෝකයේ ඇමෙරිකා එක්සත් ජනපද දැවැන්තයෙකි. මේ දැවැන්තවයාව මිනිසුන් ඉදිරියේ ඒසියා විසින් බල්ල මාක් තත්වයට ඇද දැමීය.
උපාලි ජයසිංහ