ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට කලාකරුවකු හා ප්‍රවීණ පිටපත් රචකයකු වන භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේ ඵෙතිහාසික නවකතාවක් වන ‘ශ්‍රී රාවණා පුවත‘ පාදක කරගනිමින් නිර්මාණය කළ ‘රාවණා බැලේ මුද්‍රා නාට්‍යය‘ ජුනි මස 02 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.
මෙම ඔපෙරාවේ අධ්‍යක්ෂණය, සංගීත රචනය හා නළු නිළි නිමැවුම රණාර ඇකඩමියේ තනූජා බන්දුල මහත්මිය විසින් සිදු කරන අතර කොළඹ විශ්විද්‍යාලයේ සියලුම පීඨ නියෝජනය කරමින් සිසු සිසුවියන් ඇතුළු විද්‍යාර්ථියින් 35 දෙනෙකු මෙහි රංගනයේ නියැලෙති.
උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ අනුශාසකත්වයෙන් මෙහි මංගල දැක්ම ජනවාරි 05 වැනිදා සන්ධ්‍යාවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඊට විශ්වවිද්‍යාලයේ ආරාධිතයන් සහ විද්‍යාර්ථියින් එක්ව සිටී අතර පැය දෙකයි විනාඩි පහළොවක් පුරා මෙම ඔපෙරාව දිව යන්නේය.
ක්‍රිස්තු පූර්ව 500 දී වාල්කිමී ප්‍රණීත රාමායණය ඉන්දියානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම වීරාඛ්‍යානය ලෙස ඉතිහාසගතව තිබේ. ලෝකය විසින් පරම්පරා ගණනක් ආදරයෙන් වැළඳගෙන ඇති එකී කාව්‍යයේ කථා වස්තුව වන්නේ ඉන්දියාවේ රාම මහරජු විසින් ශ්‍රී ලංකාව වාසභවන කරගගෙන සිටී දුෂ්ටාභිධානය ලත් දසිස් රාවණ නම් භූපතියා සමග සිදුවූ සංග්‍රාමයයි. කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇති සහ අඥාතඉතිහාසයට අයත්, රාවණ රාජ පාර්ශවයෙන් පිරික්සන කල්හි ඒ යටගියාව ගැනඇත්තේ වෙනස්ම කතාන්දරයෙකි. එනමුත් අලිඛිත ලංකා ඉතිහාසයට අයත් ඒවෘත්තාන්තය සැලකෙන්න් ලොව පළමු ගගන යාත්‍රාව ලෙස නම් ලද දඬුමොනරයට හිමිකම් කියන මහා රාවණ යන දසවිධ කුසලතාවෙන් පරිපූර්ණ සහිත රජු හා සහබන්ධිත පුරාණෝක්තියක් වශයෙනි.
නුවන් කොඩිකාර