ඕස්ටේ්රලියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංග මාළාවක් සඳහා අතුල අධිකාරි, නාමල් උඩුගම සමගින් ශශිකා නිසංසලා සහභාගි වීමට නියමිතව ඇත.
ශශිකා එරට ප්‍රසංගයකට සහභාගීවනුයේ වසර 13 කට පසුවය. ජුනි 02 සිඞ්නි (Sudney),ජුනි 09 බි්රස්බෙන් (Brisbane)හා ජුනි 10 මෙල්බර්න් (Melborne)යන නගර වල පැවැත්වෙන මෙම ප්‍රසංගයන් වෙනත්ම මුහුණූවරකින් පැවැත්වීමට සංවිධායකයින් සුදානමින් සිටී.
මෙය Raw & Pure Music කියන Concept එක යටතේ ඉදිරිපත් කිරීම තුලින් Dancing, Graphics සහ නිවේදන කටයුතු තුලින් වින්දනයට ඇතිවන බාධා අවම වී ගායන ශිල්පියාගේ හඬ සහ සංගීත නාදය ඉස්මතුවනු ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රසංගයකදී ගැයෙනුයේ ගීත 30 ක් වුවද, මෙහිදී ගීත 37 ගැයීමට නියමිත අතර, පැරණි ගීත කිහිපයක් නව ආරයෙන් ඉදිරිපත් කිරීමද සිදුවනු ඇත. ඉන්ද්‍රජිත් මිරිහාන සංගීතවත් කරන මෙම ප්‍රසංග මාළාව, එරට සංගීත ප්‍රසංග පැවැත්වීමේ ප්‍රමුඛයා වන මාලක යාපා විසින් සම්භන්ධීකරණය කොට ඉදිරිපත් කරනු ලබයි.
ඇන්ටන්. ජේ. ප්‍රනාන්දු