කලක පටන් අන්තර් ජාලයේ විවිධ සමාජමාධ්‍ය ධාරාවන් වෙත නැවුම් ගී නිර්මාණ ඉදිරිපත් කල ශානි නානායක්කාර, ඇයගේ නවතම ගීතය පසු ගියදා අන්තර්ජාලය වෙත මුදා හැරීමට කටයුතු යොදා තිබින.
‘‘කවිකාර ඔය දෑස’’නම් වූ මෙම ගීතය රචනාකර ඇත්තේ නව පරපුරේ ප්‍රතිභාපූර්ණ ගීත රචිකාවියක වන රචිතා වාකිෂ්ඨයි. තනු නිර්මාණය හා සංගීත සංයෝජනය තිළිණ රුහුණගේ විසිනි. ගීතයට අදාල රූප රචනය දොන් මාධව කරුණානායකගේ අධ්‍යක්ෂණයකි. සහන් වික්‍රමආරච්චි කැමරාව මෙහෙය වන මෙය, හසිත ජයසේකරගේ සංස්කරණයකි.
ශානි මෙයට ප්‍රථම ප්‍රවීණ ගායන ශිල්පී කිර්ති පැස්කුවල් සමඟ ගැයූ ‘‘තනිවෙලා ඉන්න මට කියාදෙන්න’’ ගීතයත්, තීක්ෂණ අනුරාධ සමඟ ගැයූ ‘‘සසරේ පුරා මා’’යන ගීත යුගලයද අන්තර්ජාලය තුල ඉතාමත් ජනප්‍රියත්වයට පත්විය. මෙය ශානිගේ හයවන ගීත නිර්මාණයයි. කොළඹ අනුලා සහ විශාකා විද්‍යාලයන්හි ආදී සිසුවියක වන ඇය, වයලීන වාදනය සඳහා ඩිප්ලෝමා සහතිකයක් ලබාගෙන ඇත්තේ පාසැල් අවධියේදීමය. ප්‍රවීණ සංගීතවේදී සෝමසිරි ඉලේසිංහ මහතා යටතේ වයලීන වාදනය ප්‍රගුණ කල ඇය, සංගීත විශාරද විභාගයේ අවසන් අධියරට පෙනීසිටීම සඳහා මේ දිනවල විශාරද නිහාල් ගම්හේවා මහතා යටතේ සංගීතය හදාරමින් සිටි. ඇය කීර්ති පැස්කුවල් මහතාගේ පැස්කුවල් සවුන්ඞ් ඔෆ් මියුසික් ආයතනයේද සිසුවියකි.
කවිකාර ඔය දෑස හංගාපෙමින්ක
විකාර ඔය දෑස හංගාපෙමින්දහසක් පැතුම් ලියැවුනා
නුඹගාව නවතින්න හිතුනා ඉතිං
මනමාල හිත ඇහැරුනා
මා හා රැදීලා ආදරේ කල්පනා
නවතින්න සෙවනැල්ල වී මං ලඟින්
කඳුලට ඉඩක් නෑ ඉතිං
මතකයිද අත්පටලා දිවුරපු තරම්
අපි අපිට හරි ආදරෙන්
පේනදුරින් නුඹ හිටියාම - ජීවිතේ තියං
හීන අරන් මං එන්නම් හරිම ආදරෙන්
ගායනය - ශානි නානායක්කාරගී
පදරචනය - රචිකා වාකිෂ්ඨ
සංගීතනිර්මාණය - තිළිණ රුහුණගේ
රූප රචනා නිර්මාණය - දොන් මාධව කරුණානායක
කැමරා අධ්‍යක්ෂණය - සහන් වික්‍රමආරච්චි
සංස්කරණය - හසිත ජයසේකර
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු