ලේඛකයින්ගේ කර්තෘ භාග මත පනවා තිබූ 14% බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම සඳහා බදු පනත සංශෝධනය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් අද (30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් එතෙක් මීට අදාළ කිසිඳු බදු මුදලක් අය නොකිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ අලි හසන් සඳහන් කර සිටියි.