පුරවැසි බලයෙ ක්‍රියාකාරීන් තිදෙනෙකුට මන්ත්‍රී පදවි ලැබෙන්නට යන බව පසුගිය කාලයේ සමාජය තුළ විශාල ලෙස කතාබහකට ලක්වුනා. මිරර් ආර්ට්ස් ද මේ සම්බන්ධයෙන් උපුටාගත් පුවතක් පළකලා ධර්මසිරි බණ්ඩාරනායක සම්බන්ධයෙන්. කෙසේනමුත් ගාමිනී වියන්ගොඩ ඇතුළු පුරවැසි බලයෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා . මේ එහිදී ගාමිනී වියන්ගොඩ විසින් කරන ලද අදහස් දැක්වීමක්.
"පසුගිය සතියක පමණ කාලය තුළ සිට සිවිල් ව්‍යාපාරයට විරුද්ධව හිතා මතා දියත් කරපු යම් ප්රචාරක වැඩ පිළිවෙලක් අපි දැක්කා.ගිය සතියෙ සති අන්ත පුවත්පතක පලවෙලා තිබුනා පුරවැසි බලය සංවිධානයේ කැඳවුම් කරුවන් තුන්දෙනෙක් වන මමත් සමන් රත්නප්‍රිය සහ ධර්මසිරි බණ්ඩාරනායකත් පිලිබඳ ප්‍රවෘතියක්.ඒකෙ කියලා තිබුනා අපි තුන්දෙනාට ජාතික ලැයිස්තුවේ මන්ත්රීකම් තුනක් ලැබෙන්න යනවා,ධර්මසිරි බන්ඩාරනායකට සංස්කෘතික අමාත්‍යාංශ පදවිය හිමිවෙන්නට නියමිතයි කියලා නගරය පුරාම පෝස්ටර් පවා ගහලා තිබුනා.වෙබ් මාධ්‍ය ඔස්සේ ෆේස්බුක් පිටු හරහා එකදිගටම පසුගිය සතියේ මේ රාවය පැතිර ගියා.
මේකෙ තියෙන උත්ප්රාසාත්මක ස්වභාවය සහ මේකෙ තියෙන ජඩකම වෙන්නේ දැන් මම මේ එමින් ඉන්නද්දි විනාඩි දහයකට කලින් එම පුවත්පතේ මාධ්‍ය වේදිනියක් මට කතාකරලා අහනවා මෙහෙම මන්ත්‍රී පදවියක් ලැබෙන්න යනවා කියන්නේ ඇත්තද කියලා.මම කිව්වා දැන්ද මගෙන් අහන්නේ මේක ඇත්තද කියලා?
මිනිස්සුන්ගෙ තියෙන අශිෂ්ටත්වය අපිට හදන්න බැහැ.නමුත් අපිට වැදගත් වෙනවා මේකෙ පිටුපස්සේ තියෙන දේශපාලනය මොකද්ද කියලා හොයලා බලන්න.ඇයි මෙහෙම දෙයක් කරන්නෙ?මෙකෛ හේතුව තමයි එක පැත්තකින් මේ රටේ දේශපාලන ක්ෂෙත්රය තුළ සම්මත දේශපාලනඥයින්ව අවලංගුවෙමින් තියෙන කාලයක දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති ස්වාධීනව අදහස් දක්වන සිවිල් සාමජ ක්‍රියාකාරකයින් කෙරෙහි ජනතාවගේ ප්‍රසාදයක් ඇතිවෙමින් තිබියදී මොවුන් විශ්වාස කරනවා ඒකටත් පහර ගහලා ඒකත් අකර්මන්‍ය කළොත් එහෙම මේ තියෙන මජර සංස්කෘතිය එකදිගටම පවත්වගෙන යන්න පුළුවන් කියලා.අවාසනාව කියන්නේ මේ වගේ ප්‍රචාරයක් ගියහම අපි කොහොමද මේක ආපස්සට ඇදලා ගන්නෙ?තව අවුරුදු දහයක් ගියත් මිනිස්සු කියාවි ඔය සිවිල් සමාජෙ අය කෑ ගැහුවෙ ඔිකට තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් ගන්න යම්කිසි හේතුවක් නිසා ඔවුන්ට ඔික ලැබුනෙ නැහැ ලැබුනෙ නැති නිසා තවමත් මේ කෑ ගහනවා කියලා කියන්න පුළුවන්.
ඉතින් මේ මිනිස්සු බලාපොරොත්තුවෙන්නෙත් ඒකම තමයි.හැබැයි අපි පඅහඅදිලිවම කියන්න ඔිිනෙ පුරවැසි බලයෙ කැඳවුම්කාර මණ්ඩලයෙ ඉන්න අපි මොන විදිහකින්වත් මෙවැනි දෙයක් අපිට ලැබුනත් අපි බාරගන්නෙ නැහැ කාරනා දෙකක් නිසා.එක කාරනයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකින් හෝ ඇමති පදවියකින් දෙයක් කරනවට වැඩිය වැදගත් සහ තීරනාත්මක කාර්යබාරයක් කිරීමේ හැකියාව සිවිල් සමාජය තුළ තිබෙන නිසා.දෙවැනි කාරනය තමයි සියදිවි නසාගැනීමේ අදහසක් අපේ නැති නිසා."