ශ්‍රී ලංකාවේ සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී ප්‍රජාව නියෝජනය කෙරෙමින් මුද්‍රණය වන ප්‍රථම සඟරාව ලෙස EQUALITY සඟරාව පසුගිදා ප්‍රකාශයට පත්විය.
ජීවන ශෛලීන් පිළිබඳව ලියැවුණු නොයෙක් ප්‍රකාශන එළිදක්වන මුද්‍රණ කර්මාන්තයේ තියුණු වර්ධනයක් පවතින වෙළඳපලක තරගකාරිත්වයට මුහුණදීමට සිදුවුවද සමසෙනෙහස් ප්‍රජාවගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් මෙම සඟරාව නිකුත් කරන බව එහි ප්‍රකාශකයන් වන EQUAL GROUND ආයතනය පෙන්වා දෙයි.
එම ආයතනය සම සෙනෙහස් ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකාවේ එකම ආයතනයයි.
EQUAL GROUND වසර 12ක් පුරා දේදුනු පුවත් (Rainbow News) පුවත් හසුන හරහා සමසෙනෙහස් ප්‍රජාව හා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටි අතර සම සෙනෙහස් ප්‍රජාවගේ ජීවන ශෛලීන් පිළිබඳව කතාබහ වෙන සගරාවක් නිකුත් කිරීමෙන්, ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාවට තම අදහස් ප්‍රකාශ කිරීමට, දක්ෂතා එළිදැක්වීමට වඩා පුළුල් වේදිකාවක් තැනීමට සමත්ව තිබේ. EQUALITY සඟරාවේ අන්තර්ගතය ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාව තුල රාමුගත වූවක් නොවන අතර මෙය ශ්‍රී ලාංකීය පාඨකයින් සෑම දෙනෙකුටම අදාළ වන, දැනුම බෙදාදෙන ප්රකාශනයක් ලෙස නිකුත් කරන බවයි ප්‍රකාශකයන් පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන EQUAL GROUND හි විධායක අධක්ෂක රොසානා ෆ්ලෙමර් කල්දේරා මෙසේ ප්‍රකාශ කළාය.
'අපගේ උත්සාහය අපේ රටේ ජීවත්වන සමසෙනෙහස් ප්‍රජාවට භාෂා තුනෙන්ම අප හා සම්බන්ධ විය හැකි වේදිකාවක් තැනීම. එමගින් ඔවුන් රටේ කොතැනක ජීවත්වුවත් ආගම, ජාතිය, සමාජ තත්ත්වය කුමක් වුවත් ඔවුන්ට ඉදිරිපත්වීමටත් අදහස් දැක්වීමටත් අවස්ථාවක් ලැබෙනවා. මෙම සඟරාව හරහා ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාවට අයත් වන තරුණ ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට, ඡායාරුප ශිල්පීන්ට හා නොයෙක් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් වෘත්තිකයන්ට ඉඩකඩ ඔවුන්ගේ දක්ෂතාවයට, නිර්මාණවලට, ව්‍යාපාරයට ප්‍රචාරයක් හා ප්‍රසිද්ධියක් ලබාදීමට ඉඩ හසර ලබාදෙනවා.'
සෑම ආකාරයකම සමාජ සුලුතරයන් එකලෙස පිළිගන්නා යහපත් සමාජයක් ඇතිකිරීම තම ආයතනයේ උත්සාහය බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.
EQUAL GROUND ආයතනය
EQUAL GROUND ආයතනය ශ්‍රී ලංකාවේ සමසෙනෙහස් ස්ත්‍රීන්, සමසෙනෙහස් පිරිමි, ද්විසෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ලිංගික අනන්‍යතාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රශ්නභාවී පුද්ගලයින්ගේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික, සිවිල් හා දේශපාලන අයිතීන් දිනාගැනීම වෙනුවෙන් සටන් කරන ලාභ නොලබන ආයතනයකි.
ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාවට සුරක්ෂිත සමාජයක් ඇතිකරලීම මෙම ආයතනයේ මුඛ්‍ය අරමුණ වේ. ශ්‍රී ලාංකීය සමසෙනෙහස් පුද්ගලයින්ගේ මානසික සුභසිද්ධිය සලසාලීම උදෙසා නොයෙකුත් අවස්ථා EQUAL GROUND හරහා ඇතිකර ඇති අතර ඔවුන් ආර්ථිකමය, සමාජීය හා දේශපාලනික වශයෙන් බලගැන්වීමට එම ආයතනය විවිධ වැඩපිළිවෙල දියත් කරයි. එමෙන්ම සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, නිවාස හා නීතිමය ආරක්ෂාවට ඇති ප්රවේශයන් පිළිබඳවද ක්‍රියා කරමුයි.
වැඩිදුර තොරතුරු සඳහා....
දුරකථනය : +94-11-2806184/ +94-11- 5679766
ෆැක්ස් : +94-11-2805704
වෙබ් අඩවිය : http://www.equal-ground.org
Web Blog: https://equalground.wordpress.com/
Twitter: _EQUALGROUND_
Facebook: facebook.com/EQUALGROUND
Youtube: youtube.com/user/equalground123