චිත්‍රපට බෙදා හැරීම ජාතික චිත්‍රපට සංස්ථාව හරහා පමණක් සිදු කිරීමට පසුගියදා තීරණය කරනු ලැබුවා.
මෙම නව තීරණය සම්බන්ධයෙන් ප්‍රවීන සිනමා අධ්යක්ෂ අශෝක හඳගම දක්වා තිබුනේ මෙවැනි අදහසක්.
“මේ වර්තමානයේ සිනමාවේ ඇතැයි සිතන අර්බුධයකට විසඳුම් ලෙස ඉදිරිපත් කෙරෙන අතීතකාමී පියවරක්. බිලිපුජාවට නියම වූ සිනමාව නමැති එළුවා අතීතය නමැති කණුවේ ගැට ගසනවා වගේ වැඩක්. එළුවා මරණයෙන් ගලවා ගන්න නම් ඌ අතීතයට ගැට ගසන සංස්ථාව නැමති ලණුව කපා දැමිය යුතුයි. විවෘත්ත ආර්ථිකය ත් එක්ක ටෙලිවිෂනය එන බව දත් සංස්ථාවේ ආර්ම්භක සභාපති ඩී. බී. නිහාල්සිංහ ටෙලිසිනේ කියලා පුද්ගලික ආයාතනයක් හදාගන සංස්ථාව අත හැරලා ගියා. ඒ ඔහු අනාගතය දුටු නිසා. පස්සේ කාලෙක සභාපති වුනු තිස්ස අබේසේකර සංස්ථාවට තිබුණු බෙදාහැරීමේ ඒකාධිකාරිය ( Monopoly) අත හැරලා පුද්ගලික අංශයටත් බෙදා හැරීමේ අවකාශය ලබා දුන්නා. අබේසේකර මහත්තයට වැරදුනේ, ඔහුට වැටහුනේ නැහැ ඔහු හඳුන්වා දුන් යාන්ත්‍රණය ඇතුලේ පුද්ගලික අංශය අතේ අලුත් ඒකාධිකාරයක් ( කතිපයාධිකාරයක් - Oligopoly ) ගොඩ නැගෙන බව. සංස්ථාව කළයුතුව තිබුනේ බෙදා හැරීමේ නිදහස තවත් පුළුල් කොට සිනමාවේ ගුණාත්මක පක්ෂය නගා සිටුවීමට කටයුතු කරන එකයි. සංස්ථාව සිනමා සංවර්ධන මණ්ඩලයක් ( Cinema Development Board) බවට පරිවර්තනය කරවීමයි.
ඒ වෙනුවට, ආර්ථික සහ කලාත්මක දැක්මක් නැති සිනමාව භාර අමාත්‍යාංශය ආයෙත් සිනමා බෙදා හැරීම රාජ්‍ය ඒකාධිකාරයකට නතු කරන්න හදනවා. මේක විහිළුවක්.
අර්බුදය තියෙන්නේ සිනමා කෘති වල සහ සිනමා ශාලා ආකෘතියෙයි. දැනට පවතින තනි ශාලා වෙනුවට බහු-තිර ශාලා ( Multi-Screen ) ඇතිකළ යුතුයි. මේ බහු-තිර ශාලා පරිශ්‍ර යේ දේශීය නිෂ්පාදන වලට වෙන්කෙරුණු සිනමා තිරයක් පැවතීම සහතික කලයුතුයි. විනෝදය ඉක්මවා ගිය රස වින්දනයක් ගෙනදෙන කලාත්මක සිනමාව ප්‍රවර්ධනය සහ දිරිගැන්වීම සඳහා මේ සංවර්ධන මණ්ඩලය සක්‍රීයව මැදිහත් විය යුතුයි. ජාත්‍යන්තර සිනමා උළෙල වල ලාංකීය නියෝජනය වැඩකිරීම සඳහා ක්‍රියාකලයුතුයි. ජාත්‍යන්තර සිනමා උළෙලක් වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කල යුතුයි.
සංස්ථාව මණ්ඩලයක් බවට පරිවර්තනය කරලා, මේ කටයුතු වලට මැදිහත් වෙලා චිත්‍රපට බෙදාහැරීම වගේ කාර්යක්ෂමව කරන්න බැරි වෙළඳ වැඩ වලින් රජය ඉවත් විය යුතුයි.”
උපුටා ගැනීම -ලංකා පුවත්පත