පොප් සංගීතයේ රජු ලෙස සැලකු නැසීගිය ලෝක ප්රකට ගායන ශිල්පී මයිකල් ජැක්සන් ගේ පියා ජෝ ජැක්සන් අභාවප්රාප්ත වි තිබේ.
මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවිය.
පිළිකා තත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්රතිකාර ලැබූ ජෝ ජැක්සන් 27 බදාදා උදැසන අභාවප්රාප්ත වි ඇති බව TMZ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ජෝ ජැක්සන් සිය දිවියෙන් සමුගෙන ඇත්තේ ඔහු ගේ පුත් මයිකල් ජැක්සන් මිය ගොස් වසර නවයක් සහ දින දෙකක් ගත වු තැන ය.
ඔහුගේ මුණුපුරු ටාජ් ජැක්සන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මරණය සම්බන්ධයෙන් පළවන වාර්තා තහවුරු කර තිබේ.