අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී අතුල සෝමසිරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
දේහය අද උදේ 10.00 සිට බොරැල්ල මල් ශාලාවක තැන්පත් කර තැබේ.
ගුවන් විදුලියේ ළමා මණ්ඩපය තුළින් ගායන ලොවට පිවිසි අතුල සෝමසිරි 1968 වසරේ සිට ගුවන් විදුලි සරල ගී ශිල්පියෙකු ලෙස කටයුතු කොට තිබේ.
ඔහු ගැයූ ගී අතරින් උඩහගෙදර රන් එතනා, සිංහල ජය ගීත හඬට, ආල වඩන සඳ ඇතුළු ගීත අතිශය ජනප්‍රියත්වයට පත් විය. ගායනයට අමතරව දක්ෂ සංගීතඥයකු වූ අතුල සෝමසිරි මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සඳ කිදුරු ධම්ම ජාගොඩගේ මුහුදු පුත්තු ආදී නාට්‍ය කිහිපයකටත් චිත්‍රපට කිහිපයකටත් සංගීතය සපයා තිබේ.
වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ අතුල සෝමසිරි ප්‍රවීණ ගායිකා ලාලනී සෝමසිරිගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන අතර ඔහු දරු තිදෙනෙකුගේ පියෙක්ද වෙයි. වසර 25ක් තිස්සේ මහාචාර්ය සරත්ච්න්ද්රයන්ගේ සිංහබාහු නාටකයේ සුප්පා දේවී ලෙස රඟපාන නිහාරි (සෝමසිරි) වික්‍රමාරච්චි ඔහුගේ දියණියකි.
කෙටි කලක් රෝගාතුරව සිටි ගායන ශිල්පී අතුල සෝමසිරි ඊයේ උදේ අභාවප්‍රාප්ත වූයේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදීය. මිය යන විට 79 වන වියේ පසුවූ ඔහු මෙරට සංගීත ක්ෂ්ත්රයට විශිෂ්ට සේවයක් ඉටු කර ඇතිමුත් එම සේවය මේ දක්වාම කිසිදු ඇඟයුමකට ලක් නොවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
තිලක් සේනාසිංහ