දුලීකා මාරපන ඇතුළු රංගන ශිල්පින්, ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය සපයන “ලෝරන්ස්ගේ මනමාලි” වේදිකා නාට්‍යය
යුරෝපා සංචාරයක නිරත වන්න සුදානමින් සිටිනවා.
ඒ සංචාරයෙන් පසුව වේදිකා නාට්‍ය නවත්වන්න තීරණය කර තිබේ යන ආරංචියේ ඇත්ත නැත්ත සහ දුලීකා මාරපන රඟපාන නවතම සිනමාපටය සම්බන්ධයෙන් ඇය පුවත්පතක් වෙත මෙසේ අදහස් පළ කර තිබුණා.
‘‘ඔව්, දර්ශන වාර ගොඩාක් පෙන්වල තියෙන නිසා යුරෝපා සංචාරයෙන් පස්සේ බොහෝ දුරට නවත්වන්න තමයි තීරණය කරලා තිබෙන්නේ. ඒ වගේම මම රඟපාන අලුත්ම චිත්‍රපටය ‘සුපර්ණා‘ විදේශීය චිත්‍රපට උළෙලවල් කිහිපයක් නියෝජනය කරන්න සූදානමින් ඉන්නවා. එහි ප්‍රධාන චරිතය වන සුපර්ණාගේ චරිතය මමයි කරන්නේ. ඒ වගේම අපේ රටේ දක්ෂ, ප්‍රවීණ වගේම තරුණ පරපුරේ නළු නිළියන් බොහෝ දෙනෙක් මෙහි රංගනයේ නියැළෙනවා. විශේෂයෙන් මෙහි කතා වෙන්නේ පරිසරය ආරක්ෂා කර ගැනීම ගැන. මේ වෙනකොට අපේ පරිසරය වගේම උරුමයන් බොහෝමයක් නැති වෙමින් යනවා. මේ තත්ත්වය වලක්වා ගන්න උත්සාහ ගැනීමක් තමයි මේ චිත්‍රපටයේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ. මෙහි රඟපාන සෑම කෙනාගෙම චරිත සුවිශේෂයි. විදේශ චිත්‍රපට උළෙලවලින් පසු අපේ රටේ පෙන්වන්නත් සියල්ල සූදානම් කර තිබෙනවා. මම හිතනවා මෙය සෑම කෙනාගෙම අවධානය දිනාගත් චිත්‍රපටයක් වේවි කියලා.‘‘