ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයේ ජූලි ප්‍රදර්ශනය සඳහා කෙටි චිත්‍රපට 8 තිරගත කිරීමට නියමිතය.
චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනුයේ ජූලි 4 වැනිදා සවස 6 ට කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී ය.
මෙරටදී, අන්තර්ජාතික වශයෙන් සම්මාන ලබා ඇති හෝ සම්මාන සඳහා නිර්දේශ වු එම කෙටි චිත්‍රපට මෙසේ වේ,
තිසර මංගල බණ්ඩාර ගේ A story nobody cares about
සුමුදු අතුකෝරාලගේ 'Dragonfly scream'
සුදත් අබේසිරිවර්ධනගේ 'Where's my route'
ධනංජය බණ්ඩාරගේ 'Fire of life'
බවනිධා ලෝගනාතන්ගේ 'By the sea'
මහසෙන් කළහේගේ 'Walv'
ෆාතිමා ශානාස්ගේ 'Hope'
කැලුම් කළුහැන්නදිගේ ගේ 'Charisma of God'