චිත්‍රපට බෙදාහැරීම් මණ්ඩල පිළිබඳ තීරණය රජයේ ක්‍රියාවක් බවත් එම තීරණය හරිහැටි ක්‍රියාත්මක කිරීම සංස්ථාව වෙත පැවැරුණු ඓතිහාසික වගකීමක් බැවින්
සංස්ථාවේ සියලුදෙනා එම වගකීම කැපවීමෙන් ඉටු කරනු ඇතැයි සමස්ත සිනමා සමාජයම විශ්වාසයෙන් බලා සිටින බවත් චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා පැවැසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැති චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ විශේෂ සභාවාරයකදීය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා,
මෙරට චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩල ප්‍රධානීන් එක්ව දේශීය සිනමාව ප්‍රවර්ධනය කිරීමේ සහසුරැකීමේ සංවිධානයක් පසුගිය සතියේ පිහිටුවා ගත් බව වාර්තා වුණා. 18 වසරක් තිස්සේ අමතකව තිබූ එම කාර්ය සඳහා දැන්වත් ඔවුන් කටයුතු කිරීම ප්‍රශංසනීය බවද එම සත් ක්‍රියාවට සිනමා ක්ෂේත්රයේ සියලු අංශ සම්බන්ධ කර ගන්නා මෙන්ද ඉල්ලීමක් කළේය.
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සෙනරත් මහතා,
'කවුරු කෙසේ කීවත් චිත්‍රපට බෙදාහැරීම සංස්ථාවට අභියෝගයක් නොවන බවත් සංස්ථාව එම කාර්යය සාර්ථකව මීට පෙර කර ඇති බවත් දැනටමත් නව සැලසුම් සකස් කර තිබෙන බවත්ය.
සැමට සාධාරණ ලෙස විනිවිදභාවයෙන් යුතුව සංස්ථාවේ කටයුතු සිදුකරන අතර අවශ්‍ය වුවහොත් විදේශ චිත්‍රපට ගෙන්වීමද ආරම්භ කරන බවත් ජාතික චිත්‍රපට සංස්ථා පනත විධිමත් ලෙස ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී සම්මත වූ යෝජනා මෙසේය.
o චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පැවරීම.
o බෙදාහරින මණ්ඩලවලට මෙතෙක් ගෙවූ 10% කොමිස් මුදල් 6% දක්වා අඩු කර සංස්ථාවට ගෙවීම. එම මුදල් සිනමා කර්මාන්තයේ සංවර්ධනයට යෙදීම
o සිනමා ශාලා සහ නිෂ්පාදකට ගෙවන ප්‍රතිශතය 2% බැගින් වැඩි කිරීම.
o සිනමා කර්මාන්තයට නැති වූ බදු සහන නැවත ලබාදීම.
o විදුලිය ගාස්තු සහ විනෝද බදු අඩු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම.
o දේශීය හා විදේශීය චිත්‍රපට ගෙන්වීම හා බෙදාහැරීම විධිමත් කිරීම.
o දේශීය සිනමා කර්මාන්තය සංවර්ධනයට අරමුදලක් පිහිටුවීම.
o නව නිර්මාණ සඳහා සංස්ථාව මඟින් දායකත්වය ලබාදීම හා ප්‍රේක්ෂක රුචියට ගැළපෙන චිත්‍රපට නිෂ්පාදනයට අනුග්‍රහය දැක්වීම.
o සිනමාහල් නවීකරණයට සහ ඩිජිටල් තාක්ෂණය පූර්ණ කිරීම සඳහා අඩු පොලියට ණය ලබාදීම.
ඇතුළු කරුණු 15ක් මෙදින සාකච්ඡාවේදී පිළිගැනිණි.
කරුණු 15 පිළිබඳව ජනාධිපති කමිටු යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාත් ගනු ලැබූ තීරණය සාමාජිකත්වයේ පැසසුමට ලක්විය.
ආරියරත්න ගනේගොඩ