ප්‍රවීන රංගන ශිල්පී ලාල් වීරසිංහ මිට අවුරුදු තිහකට කලින් සිදුවුණු මරණයක් ගැන
හොයන්න පටන් ගෙන කියලා ආරංචියක් තියෙනවා.
මේ ආරංචිය ගැන වගේම ඔහුගේ අලුත් තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතකට මෙසේ සිය අදහස් පළ කර තිබුණා.
මොකද මේ පරණ මිනී මැරුමක් ගැන හොයනවා කියන්නේ ? අඳුරන කෙනෙක්ගෙද ?
‘‘ඔව්, ඔව්, චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරන පවත්මා ටෙලි නාට්‍යයේ රහස් පරීක්ෂකවරයකුගේ චරිතයක් ලැබුණා. කාලෙකට පස්සේ ලැබුණ හොඳ චරිතයක්. අපේ රටේ ප්‍රවීණ වගේම වත්මන් පරපුරේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියෝ රැසක් මෙහි රංගනයේ නියැළෙනවා. ඒ වගේම තවත් සුබ ආරංචියක් අහන්න ලැබුණා. ඒ චිත්‍රපටි සංස්ථාව යටතට සියලුම මණ්ඩල පවරා ගන්න යනවා කියලා. ඇත්තටම අපි පසුගිය කාලේ සංස්ථාව පැත්ත පළාතට ගියේ නැහැ. හැබැයි අලුත් සභාපතිවරයා නීතිඥයෙක්. එතුමා නීතිය දන්න නිසා හොඳ වැඩක් කරන්න යන්නේ. ඒ දේ කළොත් යළිත් චිත්‍රපටි කර්මාන්තයට හොඳ කාලයක් උදාවේවි.‘‘
ඒ කියන්නේ කළකිරීමෙන්ද ඉන්නේ? ‘‘මම විතරක් නෙවෙයි කලාකාරයෝ බොහෝ දෙනෙක් කලකිරීමෙන් ඉන්නේ. චිත්‍රපටයක් කරලා පාඩු ලබන්න කවුරුවත් කැමැති නැහැ නේ. අපි නම් රඟපාල නමක් හදාගෙන ඉන්නවා. අලුතෙන් එන අයට දෙයියන්ගේ පිහිටයි මෙහෙම ගියොත්. ඒ නිසා අලුත් සභාපතිතුමා යමක් කරාවි කියලා මම හිතනවා. මීට අවුරුදු දෙකකට උඩදි චිත්‍රපටියක් කළා. ඉදිරියෙදිත් චිත්‍රපටියක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේම ව්‍යාපාරවල වැඩත් කරගෙන යනවා.‘‘