ජාතික පුරාවිද්‍යා දිනය සැමරීම සඳහා සීගිරියේ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත වලට තනු නිර්මාණය කර ගීත ගායනා කිරීමේ
පාසැල් සිසුන් සඳහා වූ තරගාවලිය මේ මස 7 වන දින සිගිරි පව්ව ඉදිරිපිට දී පැවැත්වීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශය තීරණය කර තිබේ.
පුරාවිද්‍යා දිනය සැමරීම සඳහා වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබෙන බවත් එයින් විශේෂත්වය බවට පත් වන්නේ සීගිරිය කලාපයේ පිහිටි පාසල් 5 ක දුවා දරුවන් සඳහා සීගිරියේ කුරුටු ගීත ලබාදී සිසු සිසුවියන් විසින් ඒවාට තනු නිර්මාණය කොට කුරුටු ගීත ගායනා කිරීම සඳහා යොමු කිරීම බව සිගිරිය සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා ඒකකය සඳහන් කර සිටී.
ජාතික පුරාවිද්‍යා දිනය 07 වන දිනට යෙදී ඇති අතර මෙහිදී තවත් පාසල් 10 ක දුවා දරුවන් සඳහා ඔබ දුටු සීගිරිය මැයෙන් චිත්‍ර ඇඳීමේ වැඩසටහනක් මෙන්ම දීන දෙකක පුරාවස්තු ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානම් කර තිබේ .
මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා අංශය, සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
සීගිරි කුරුටු ගීත වල ඇති රසඥතාවය සහ කුරුටු ගී පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව කුරුටු ගීත වලට තනු නිර්මාණය කොට ගීත ගායනා කිරීමේ තරගය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරිය පුරාවිද්‍යා අධ්යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහගේ යෝජනාවක් අනුව කෙරේ.
සීගිරි කුරුටු ගීත සඳහා තනු නිර්මාණය කර කුරුටු ගීත ගායනා කිරීමේ වැඩසටහන ලංකා ඉතිහාසයේ පළමු වතාවට සිදු කෙරෙන්නෙකි. මේ සඳහා පාසල් සිසුන් හට මේ වනවිටත් කුරුටු ගීත වල පිටපත් ලබා දී ඇතැයි එහි උසස් නිලධාරිනියක පැවසුවාය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනගේ උපදෙස් පරිදි සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත ඇතුළු කණ්ඩායමක් මෙම උත්සවය සංවිධානය කර තිබේ.
කාංචන කුමාර ආරියදාස
ලංකාදීප