70 වැනි එමී ටෙලි සම්මාන උළලේ සම්මාන වෙනුවෙන් නිර්දේශිත නාමයන් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.
උළෙල එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වෙනු ඇත.
2017 වසරේ ජූනි 1 වැනිදා සිට 2018 මැයි 31 වැනිදා දක්වා යන කාලය තුළ එක්සත් ජනපදය තුළ විකාශනය කළ හොඳම ටෙලි නාටක වෙනුවෙන් එහිදී සම්මාන හිමි වීමට නියමිත ය.
මෙවර සම්මාන සඳහා වැඩි නිර්දේශ ප්‍රමාණයක් හිමි කරගැනීමට ගේම් ඔෆ් ත්‍රෝන්ස්, වෙස්ට්වර්ල්ඩ් සහ සැටර්ඩේ නයිට් ලයිව් සමත් වි තිබේ.
හොඳම රංගන ශිල්පිනිය නිර්දේශ නාම අතරට එක් වූ සැන්ඩ්‍රා ඕ, එම ඇගයීම වෙනුවෙන් එමී උළෙලට තේරී පත් වු ආසියානු සම්භවයක් සහිත පළමු රංගන ශිල්පිනිය බවට පත්විය. ඒ “කිලින්ග් ඊව්” නම් මාලා නාටකය වෙනුවෙනි.
එමී සම්මාන උළලේ නිර්දේශිත නාමයන් මෙසේය,
හොඳම ප්‍රහසන නාට්‍යය
ඇට්ලන්ටා (FX)
බැරී (HBO)
බ්ලැකිෂ් (ABC)
කර්බ් යුව එන්තූසිඇස්ම් (HBO)
ග්ලෝ (නෙට්ෆ්ලික්ස්)
ද මාවලස් මිසිස් මේසෙල් (ඇමේසන්)
සිලිකන් වැලි (HBO)
අන්බ්රේකබල් කිමි ශ්මීඩ් (නෙට්ෆ්ලික්ස්)
හොඳම නාට්‍යය
ද අමෙරිකන්ස් (FX)
ද ක්‍රවුන් (නෙට්ෆ්ලික්ස්)
ගේම් ඔෆ් ත්‍රෝන්ස් (HBO)
ද හෑන්ඩ්මේඩ්ස් ටේල්ස් (හුලූ)
ස්ට්‍රේන්ජර් තින්ග්ස් (නෙට්ෆ්ලික්ස්)
දිස් ඊස් අස් (NBC)
වෙස්ට්වර්ල්ඩ් (HBO)
හොඳම රංගන ශිල්පිනිය
ද ක්‍රවුන් වෙනුවෙන් ක්ලෙයා ෆෝයි
ඕෆන් බ්ලැක් වෙනුවෙන් ටටියානා මස්ලෙනි
ද හෑන්ඩ්මේඩ්ස් ටේල්ස් වෙනුවෙන් එලිසබෙත් මෝස්
කිලින්ග් ඊව් වෙනුවෙන් සැන්ඩ්‍රා ඕ
ද අමෙරිකන්ස් වෙනුවෙන් කෙරී රසල්
වෙස්ට්වර්ල්ඩ් වෙනුවෙන් එවාන් රේචල් වුඩ්
හොඳම රංගන ශිල්පියා
ඔසාර්ක් වෙනුවෙන් ජේසන් බෙට්මන්
දිස් ඊස් අස් වෙනුවෙන් ස්ටර්ලින් කේ. බ්‍රවුන්
වෙස්ට්වර්ල්ඩ් වෙනුවෙන් එඩ් හැරිස්
ද අමෙරිකන්ස් වෙනුවෙන් මැතිව් රිස්
දිස් ඊස් අස් වෙනුවෙන් මිලෝ වෙන්ටීමිග්ලියා
වෙස්ට්වර්ල්ඩ් වෙනුවෙන් ජෙෆ්රි රිට්
හොඳම අධ්‍යක්ෂණය
ඔසාක් හි ද ටොල් කතා මාලාව වෙනුවෙන් ජේසන් බෙට්මන්
ද ක්‍රවුන් හි පැටර්ෆැමිලියාස් කතා මාලාව වෙනුවෙන් ස්ටෙෆාන් ඩල්ඩ්රී
ස්ට්‍රේන්ජර් තින්ග්ස් හි ද ගේට් කතා මාලාව වෙනුවෙන් ද ඩෆර් බ්‍රදර්ස්
ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි ද ඩ්‍රැගන් ඇන්ඩ් ද වුල්ෆ් කතා මාලාව වෙනුවෙන් ජෙරමි පොඩ්ස්වා
ඔසාක් හි ටුනයිට් වී ඉම්ප්රෝවයිස් කතා මාලාව වෙනුවෙන් ඩැනියල් සකේම්
ද හෑන්ඩ්මේඩ්ස් ටේල්ස් හි ආෆ්ටර් කතා මාලාව වෙනුවෙන් කෙරී ස්කොග්ලෑන්ඩ්
ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි බීයෝන්ඩ් ද වෝල් කතා මාලාව වෙනුවෙන් ඇලන් ටේලර්