ප්‍රවීන රංගන ශිල්පී සන්ජේ දත් ගේ ජිවිත කතාව ඇසුරින් නිමවූ “සංජු” සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ කොට තෙවැනි සතිය අවසානයේ ඉන්දීය රුපියල් කෝටි 300 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා පසුකර යාමට සමත්ව තිබෙනවා.
රන්බීර් කපුර් ප්‍රධාන චරිතයට පණ පොවන මෙය රාජ් කුමාර් හිරානිගේ නවතම චිත්‍රපට අධ්‍යක්ෂණය වේ.
උත්සව හෝ විශේෂ නිවාඩු දින නොමැති කාලයක “සංජු” රුපියල් කෝටි 300 ක ආදායම් වාර්තා පසුකර යාම සැබවින්ම සුවිශේෂී බව වෘත්තීය විශ්ලේෂක ටරන් අදර්ෂ් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරනවා.
එසේම රන්බීර් කපුර් රඟපෑ යේ ජවානි හේ දිවානි සිනමාපටයට පසු ඔහුගේ වෘත්තීය ජිවිතය තුළ වැඩිම සාර්ථකත්වයක් ලද චිත්‍රපටය ලෙස ද සංජු නම් කර තිබෙනවා. යේ ජවානි හේ දිවානි සිනමාපටය තැබූ සම්පුර්ණ ආදායම් වාර්තාව වන්නේ රුපියල් කෝටි 190.03 කි.
පසුගිය ජූනි මස අග සිට ප්‍රදර්ශනය ආරම්භ කළ සංජු චිත්‍රපටය මේ වනවිටත් රුපියල් කෝටි 300 අභිබවමින් වසරේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත්ව ඇති නිසාත් තවමත් ප්‍රදර්ශනය කෙරෙමින් පවතින නිසාත් එය වාර්තා පිට වාර්තා තබනු ඇති බවට එරට මාධ්‍ය පවසනවා.
සෝනම් කපූර්, මනිෂා කොයිරාල, අනුෂ්කා ශර්මා, දියා මිර්සා, විකී කෞෂාල් ඇතුළු පිරිසක් “සංජු” හි සෙසු චරිත සඳහා දායකත්වය සපයා තිබෙනවා.