විශාල පිරිවැයක් දරමින් නිපදවූ චීන ප්‍රබන්ධ වීර කාව්‍ය “අසුර” එරට පළමු ප්‍රදර්ශන සතිය තුළ ලැබූ අසතුටුදායක ප්‍රතිචාර නිසා සිනමා ශාලා වලින් ඉවත් කර තිබේ.
යුවාන් මිලියන 750 ක පිරිවැයක් දැරූ මෙම සිනමාපටය සිය පළමු ප්‍රදර්ශන සතිය තුල ලබා ඇති ආදායම යුවාන් මිලියන 50 ක් බව වාර්තා වේ.
චීන මිත්‍යා කතාවක් පදනම් කරගනිමින් නිපදවූ අසුර සඳහා ප්‍රධාන පෙළේ රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් දායකත්වය ලබා දී ඇති අතර විශේෂ සිනමා තාක්ෂණික උපක්‍රම ද භාවිත කර සිනමාපටය නිර්මාණය කර ඇත.
චිත්‍රපටය ප්‍රති නිර්මාණය කර පසුදිනයක නැවත ප්‍රදර්ශනය කිරීම සඳහා නිෂ්පාදකයින් සැලසුම් කර ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි.
දෙවැනි වරටත් අසුර සාර්ථකත්වයක් නොලැබුවහොත් ඔවුන් ලබන ඩොලර් මිලියන 105 ක අලාභය සිනමා ඉතිහාසය තුළ ලැබූ විශාලතම අලාභයක් ලෙස සැළකෙනු ඇත.