සනී ලියෝන් රංගන දායකත්වය සපයන නවතම වෙබ් නාට්‍යයකට කෞර් යන නාමය භාවිත කිරීම නිසා ඉන්දීය සික් ජාතික නායකයින් සිය දැඩි විරෝධය එල්ල කරමින් සිටියි.
හිටපු නිල් නිලියක් වන සනී ලියෝන් මේ වනවිට බොලිවුඩයේ රංගන ශිල්පිනියක් බවට පත්ව සිටින්නීය.
“කරන්ජිත් කෞර්: සනී ලියෝන් ගේ නොකී කතාව” ලෙස නම් කළ වෙබ් නාට්‍යයක් සඳහා ඇය මේ වනවිට රංගනයෙන් දායක වන්නිය.
කෞර්- සනී ගේ සත්‍ය නාමයයි- නාමය සික් ජාතික කාන්තාවන් සිය වාසගම හෝ මැද නම ලෙස භාවිත කරන අතර එය ස්ත්‍රී පුරුෂ සමාන භාවය සංඛේතවත් කරයි.
කෞර් නම යොදා ගැනීම නිසා සමහර සික් ජාතික නායකයින් කෝපයට පත් වි තිබේ. ඔවුන් පවසන්නේ එම යොදා ගැනීම නමේ පවිත්‍රත්වයට සිදු කරන අගෞරවයක් ලෙසයි.