ප්‍රගීත් රත්නායක ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශනය “එකලස් රූප” (Figures Assembled) අද (20) සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙනවා.
තැන බම්බලපිටිය පැරඩයිස් රෝඩ් කලාගාරය.
ප්‍රගීත් ගේ 5 වැනි ඒක පුද්ගල ප්‍රදර්ශනය ගැන ඔහු සිය හැඟීම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සටහන් කර තිබුනේ මේ විදියට,
“අවුරුදු හතරකට පස්සේ art කියන භාෂාවේදී මම 5 වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයට කාලය ශ්‍රමය ධනය වැය කරා . මම දැන් මගේ වැඩේ කරල අවසන්. දැන් ඔබට මගේ චිත්‍රය ඉස්සරහ හිට ගන්න පුළුවන් සහ මාව කියවන්න පුළුවන් . සංකල්පීය සහ තාක්ෂණික කාරණා අන්තර්ගතය සහ ආකෘතිය වෙනුවෙන් හසුරවන්නේ කොහොමද කියල බලන වැඩබිමක් මේ ප්‍රදර්ශනය. මේ වැඩේදී මම මගේ චිත්රයේ ඉතිහාසය ඇතුළේ හදාගෙන තිබූ අනන්‍යතාවෙන් මදකට අයින් වුනා. ඒක අසීරු කාරණාවක්. මන්ද අර්ටිස්ට් කෙනෙකුගේ අනන්‍යතාවය කියන්නේ ඔහුගේ ජීවන විලාශය සකස්වෙන විදිය හැමාතින්ම. අන්‍යතාවය නැති උනාම වන ප්‍රධාන කාරණාව තමයි මේ වනතෙක් තමන් හදා ගත් market එක අහිමි වීම. ඉතින් කව්රුවත් මේ මොහොතේ තමන්ගේ අනන්‍යතාවය නැති කර ගන්න කැමති නෑ ඒ අර්ථයෙන්. ඒත් artist කෙනෙක් අර්ටිස්ට් කෙනෙක් විදියට ඉන්නවා කියන්නේ කව්රුවත් හදා දීපු අනන්‍යතාවයක පදිංචි වන එකට නෙවි . කලාකරුවකු වීමට පෙර මනුෂ්‍යකු විය යුතුය.
නිම නොවන අධි පරිභෝජන සුරතාන්තයක සිහින දකින අප, මිනිසුන් ලෙස අසමත් නොවන අවම අවකාශයක් වත් නිර්මාණය කර ගැනීම යුතුකමක් වන ගමන්ම වගකීමක්ද වෙනවා ඇත. මිනිසුන්ද 'දේවල්' බවට පත් වන මොහොතක අප තවදුරටත් පශ්චාත් මිනිසුන් වෙමින් පවතිනවා. 'එකට සිටියට තනිව සිටින' නරුම පිරිසක්ද වෙමින් සිටිනවා. අප ක්‍රමය වෙනස් කරනවා වෙනුවට ක්‍රමය අපව වෙනස් කරමින් තනි තනි පුද්ගලයන් නිර්මාණය කරමින් සිටින මොහොතක, මාගේ මේ චිත්‍ර ප්‍රදර්ශනය ඔබට අභිමුඛ වන්න උත්සාහ කරනුයේ මේ මොහොත, ක්ෂතියක් (Trauma) වී ඇති පසුබිමක ය. මිනිස් හැඟවුමේ අවම රූපයවත් සොයා අනෙකා සමඟ පියාඹන්න එන්න. කේවල අනන්‍යතාවය, සාමූහික අනන්‍යතාවය දක්වා විතැන් කරමු.
"එකලස් රූප" චිත්‍ර ප්‍රදර්ශනයේ අර්ට් form එකට චන්ද්‍රගුප්ත තේනුවරගේ "death of wall" එක බලපෑමක් වුනා . එහෙම තමයි මම චිත්‍ර ඇදල අත්සන් කලාට මට චිත්‍ර තනිව ඇදෙන්නෙ නෑ. අනන්‍යතාව අන්යෝන්යයි.
2018. 07. 20 දින සිට අගෝස්තු 08 දින දක්වා බම්බලපිටිය paradise road පුද්ගලික කලාගාර අවකාශයට එන්න .මට ඔබ වටිනවා."