Unnamed Theater Group විසින් ඉදිරිපත් කරනු ලබන “කෙටි නාට්‍ය ගොමුව” අගෝස්තු 4 වැනිදා
සවස 3.30 ට සහ 7 ට වේදිකා ගත කිරීමට නියමිත ය.
ඒ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි දී ය.
ආණ්ඩුවේ රස්සාව, ප්‍රේමි කවිනළුව, කිරිඅම්මා අවතාරය, ධර්මිෂ්ට සමාජයක් ගොඩනගමු යන වේදිකා නාට්‍යයන් එහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
“ධර්මිෂ්ට සමාජයක් ගොඩනගමු” වේදිකා නාට්‍යය 2014 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම පිටපත, හොඳම අංගරචනය, හොඳම ආලෝකකරණය, හොඳම නිෂ්පාදනය දෙවැනි ස්ථානය, හොඳම නළුවා දෙවැනි ස්ථානය, රංගනය උදෙසා ජූරියේ විශේෂ ඇගයුම් සහ 2013 යෞවන සම්මාන උළලේ හොඳම නිෂ්පාදනය, හොඳම පිටපත, හොඳම අංගරචනය, හොඳම රංගවස්ත්‍ර, හොඳම නළුවා තෙවැනි ස්ථානය යන සම්මාන හිමි කරගන්නා ලදී.
2015 යෞවන සම්මාන උළලේ හොඳම නිෂ්පාදනය තෙවන ස්ථානය, හොඳම පිටපත තෙවන ස්ථානය, හොඳම නිළිය සහ 2017 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නිළිය, හොඳම නළුවා තෙවැනි ස්ථානය, හොඳම නිෂ්පාදනය දෙවැනි ස්ථානය, හොඳම පිටපත තෙවැනි ස්ථානය යන සම්මාන “කිරිඅම්මා අවතාරය” හිමි කරගෙන තිබේ.
“ආණ්ඩුවේ රස්සාව” 2016 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නිළිය දෙවැනි ස්ථානය, හොඳම පිටපත දෙවැනි ස්ථානය, හොඳම පසුතල නිර්මාණය හිමිකරගත් අතර 2016 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නිෂ්පාදනය, හොඳම නළුවා දෙවැනි ස්ථානය, හොඳම රංග වින්‍යාසය, හොඳම පිටපත යන සම්මාන “ප්‍රේමි කවිනළුව” වේදිකා නාට්‍යට හිමිවිය.