ප්‍රවීන රංගන ශිල්පී ලොයිඩ් ගුණවර්ධන හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ.
විසිපස් වසරකට අධික කාලයක් චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ වේදිකා නළුවෙක් ලෙස කටයුතු කළ ඔහු 29 ඉරිදා සිදු වූ රිය අනතුරක් නිසා මිය යන විට 55 හැවිරිදි වියේ පසුවිය.
ලොයිඩ් ගුණවර්ධනයන්ගේ දේහය මේ වනවිට අංක 17/2, පිරිවෙන පාර, කොලොන්නාව යන ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසෙහි තැම්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයතු අගෝස්තු මස 1 වැනිදා සවස 4 ට කොලොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.