ද වෙස්ට් වින්ග්, M*A*S*H වැනි ප්‍රකට ටෙලි මාලා නාටක සඳහා රංගන දායකත්වය සැපයු එක්සත් ජනපද නළු ඇලන් අල්ඩා පාකින්සන් රෝගයෙන් පිඩා විඳින බව හෙළි කර තිබේ.
මිට වසර තුනකුත් මාස හයකට පමණ පෙර දී රෝග තත්වය හඳුනාගත් නමුත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැවසීමට තමන් දැන් තීරණය කළ බව 82 හැවිරිදි ඇලන් CBS රුපවාහිනී ආයතනය වෙත ප්‍රකාශ කර ඇත.
“ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට මට ඕනෑ කළේ රෝග විනිශ්චය කළ තැන් පටන් මම හොඳ ජිවිතයක් ගත කළ නිසා.”
“තවමත් මට කිරීමට දේවල් තියෙනවා” යනුවෙන් ඔහු සඳහන් කළේ තමන් සතියකට තුන් වතාවක් බොක්සින් පුහුණුවීම් ද සිදු කරන බව ද පවසමිනි.
1972 සිට 1983 දක්වා රුපවාහිනිය ඔස්සේ විකාශනය වූ M*A*S*H ටෙලි මාලා නාට්‍ය ඔස්සේ වඩාත් ජනප්‍රියත්වයට පත් ඇලන් අල්ඩා “ද ඇවියේටර්” සිනමා නිර්මාණය වෙනුවෙන් 2005 දී ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ විය.